(සුජිත් හේවාජුලිගේ )

පාස්කු ඉරුදින  ප්‍රහාරය  සම්බන්ධයෙන් වසර 200ක සිර දඬුවම් නියම කෙරුණු රැඳවියන් 15 දෙනා  සිර මැදිරි කිහිපයක වෙන් වෙන්ව රැඳවූ බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

එසේම  ඔවුන්ගේ හැසිරීම නිරන්තර නිරීක්‍ෂණයට බුද්ධි අංශ කණ්ඩායම්ද යොදවනු ලැබ සිටිති.

එසේම ඔවුන්ගේ දේපළ රාජ සන්තක කිරීමට නීතිපතිවරයාගේ උපදෙස් අනුව  අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

දේපළ රාජ සන්තක කිරීම සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක්ද අරඹනු ලැබ ඇත.