පරිසරයට හානියක් සිදුවන්නේ නම් කටුපොල් වගාව වහාම නතර කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගාල්ලේදී අද (27) නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කටුපොල් වගාවෙන් කොතරම් ලාභ ඉපැයුවද පරිසරයට හානි සිදුවන්නේ නම් වහාම එම වගාව නතර කළ යුතු යැයි උපදෙස් දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් විධිමත් පාරිසරික අධ්‍යයනයක් කරන්නැයි ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙරට දිස්ත්‍රික්කවල ජන ගැටලුවලට කඩිනම් විසඳුම් දීමේ අරමුණින් සංවිධානය කෙරෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් මාලාව යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම හෝමාදොළ රාජගිරිය ලෙන් විහාරස්ථානයේ පැවැති රැස්වීමට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව ප්‍රකාශ කළේය.
කටුපොල් වගාවෙන් පරිසරයට සිදුවන හානිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් ජනාධිපතිවරයාට පැමිණිලි කළ අතර ඒ අනුව සමීබන්ධීකරණ රැස්වීමේ පළමු ගැටලුව ලෙස කටුපොල් වගාව පිළිබඳ ප්රශ්නය සාකච්ඡාවට ගැනිණි.
ප්‍රදේශයේ පවතින ජල හිඟයට හේතුව වී ඇත්තේ ද කටුපොල් වගාව යැයි ද ප්‍රදේශවාසීහු කීහ.
පොල්තෙල් පරිභෝජනයට ජනතාව දිරිගැන්විය යුතු යැයි මෙහිදි කී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි ප්‍රතිඵලයක් ලෙස පොල් වගාව ද සංවර්ධනය වනු ඇතැයි පෙන්වා දුන්නේය .
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම ප්රශස්ත ක්‍රියාවක්, මේ තීරණය ගන්න මේ වෙනකම් හිටිය කිසිම දේශපාලකයෙක්ට කොන්දක් තිබුනේ නැහැ. මේ කටුපොල් වගාව නිසා ඒ ගම්මාන අශ්‍රිතව විශාල වශයෙන් ශ්වසන රෝග පැතිරී ගියා. ඒ වගේම ඔබතුමන්ලා වුණත් ඔය අධිවේගී මාර්ගයේ යද්දී දකින්න පුළුවන්, කටුපොල් වගාව සහිත ඉඩමක කිසිඳු යටි වගාවක් වැවෙන්නේ නැති තරමටම මේ ගස පොළවේ සාරය උරා ගන්නවා. පසුගිය කිසිම රජයක් මේකෙන් ලැබෙන අාදායම විතරක් බැලුවා මිසක් මේකෙන් වෙන පරිසර විනාශයවත්, මිනිසුන් ලෙඩුන් වීමත් වගේම ඒ සඳහා රෝහල්වලට දැරීමට සිදුවන වියදම් නිසා අන්වර්තයෙන් රටට සිදුවන පාඩුවවත් බැලුවේ නැහැ. මෙතුමාට මෙවැනි සංවේදී ප්‍රශ්න තේරුම් ගැනීමට හැකිවීම ඇත්තටම ජනතාවගේ භාග්‍යයක්...
ඇත්තටම හොඳ ක්‍රියාවක්. කටුපොල් වලින් නිපදවන ෆාම් ඔයිල් පාවිච්චිය වැඩි නිසා නේද ලංකාවේ මිනිස්සුන්ට හාර්ට් ඇටෑක් හැදෙනවා වැඩියි කියන්නේ?
පරිසරය රැකුණොත් ලංකාව කාන්තාරයක් නොවී බේරේවි...!
හිටපු ජනාධිපති මහින්ද කටුපොල් වගාව අරම්භකළා. මෛත්‍රී දිගටම කරගෙන ගියා... මලයා ගෝඨාභය ජනපතිගෙන් කටුපොල් වගාව නතර කරන්නැයි උපදෙස් දුන්නා. මේ කට්ටිය ඉන්නේ එකම පැත්තේ...
ලස්සන නැද්ද ගෙදර යන ගමන් හයිවේ එක දෙපැත්තේ තියෙන කටුපොල් වගාව බලාගෙන යන එක... නිකන් කැලයක් දකිනවට වඩා කොච්චර සුන්දර දර්ශනයක්ද? නැද්ද මන් කියන්නේ...?
හානියි කියලා නොදැනද පස් කපන්න අවසර දුන්නේ.. කළු ගඟ, වේගඟ, රත්ගඟ ගිහින් බලන්න. එහෙ ඉන්න ඇමති 3 දෙනා කරන විනාශය.. කිසිම දිනක මෙහෙම වෙලා නෑ.. අනික් තැන්වලත් එහෙමයි. මීරිගම පැත්තේ ඉවරයි. විල්පත්තුව ආයේ හරන්න ඉඩ දීලා. නාච්චදූව විනාශය මෙයා දැක්කේ නැතිද..? බොරුවට ඉස්සෙල්ලම කරන්න තියෙන දේ වහගෙන එයාලට වාසි නැති එකක් පරිසරය නිසා නවත්වන්න කියලා හරියන්නේ නෑ. කටු පොල් හානි තමයි. ඒ වුණාට දැන් ඒව වැළකීගෙන යනවා.
මේ වෙලාවේ කටුපොල් වගාව නෙමේ නතර කරන්න ඕනේ. චීනයට. ගුවන් ගමන් යන එක. හැම රටකම නතර කරලා. නායකයින්ට වුවමනා රටේ ජනතාව.... බිල්ලට දෙන්නද? ගුවන් සේවිකාවන්ට චීනයේ මොනවද තියෙන ආරක්ෂාව දවස් 3-4 නතර වෙලා ඉන්න. ලොකු කට්ටියගේ පවුලේ උදවිය. ගුවන් සේවයට යොදවන්න. වැඩකරන ජනතාව අසරණයි ලොක්කන්ට. චීනාගේ හොඳ නම ගන්න. ගුවන් සේවය කරන... එහි වැඩ කරන කට්ටිය චීනයට යන එක නතර කරන්න. ඔබත් චීනයට යන ගමන අවලංගු කෙරුවේ රෝගය පටන්ගත් මුල, දැන් මේ රෝගය දරුණු අවස්ථාවේ ගුවන් සේවය නතර වෙලා නැහැ. ඔවුන්ගේ මාර්ගයෙන් තමයි මුළු ජනතාවම දුක් විඳින්න වෙන්නේ...
දැන් එතකොට මේ ආන්ඩුව ආපු ගමන් රමේශ් ඇමතිතුමා ඕක තහනම් කරානේ ? මේකත් නිකන් දැන් ගිය ආන්ඩුව වගේමයි.
කව්රු කව්රුත් කරන්නේ තම මල්ල පිරෙන දේ. ඒක තමයි දේශපාලුවන්ගේ ජොබ් එක...
ලාබෙ කන්නද ආයුබෝවන්? වැඩ කරන අයට ඡන්ද රැස්වීම්වලට ඇවිල්ලා ගෝඨාභය මැතිඳුන් වෙනුවෙන් කෑගහලා සවුදි යවලා සමෘද්ධිය අරන් හිටියාම හරි. ඔය කටුපොල් මොන බම්බුවක්වත් ඕන නෑ. කොම්පැනි කරන එවුන්ට තියෙන්නේ ඕවා විකුණලා කොටස් වෙළඳපොලේ සල්ලි දාන්න, ඒවා තමයි දැන් බිස්නස්...!