(මහින්ද නිශ්ශංක)
මගීන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් නොකළ කොළඹ දිස්ත්‍රික්කයේ පෞද්ගලික බස් රථ කොන්දොස්තර 223 දෙනෙකු බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අද(27) බාරයට ගෙන ඇත.
මගීන්ට ප්‍රවේශ පත්‍ර ලබාදීම අනිවාර්ය කර තිබියදී ප්‍රවේශ පත්‍ර නිකුත් නොකළ මෙම කොන්දොස්කරවරුන් 223දෙනාට රුපියල් 250 බැගින් දඩ නියම කර ඔවුන්ව එක්දින පුහුණු වැඩමුළුවකට යොමුකරවන බව අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(ධාවන) කුමාර විජය රත්නායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රවේශ පත්‍ර වැඩේ විහිළුවක්. පරීක්ෂකවරු අතරමග ඉන්නවා කියන ආරංචිය ආ හැටියේම කොන්දොස්තර මහත්තුරු ටිකට් බෙදන්න පටන් ගන්නවා. ටිකට් නොදීම හිටියා නම් වඩාත් හොඳයි. මොකද ඔය ටිකට් එක ගන්න මගීනුත් කරන්නේ බස් එකෙන් බැස්ස හැටියේ ටිකට් එක පාරට විසි කරනවා. ඉතාම වැඩි දෙනෙක්ගේ පරිසරයට තියෙන සංවේදීතාව එහෙමයි.
පුහුණුවේදී මගීන්ට කතා කිරීම ගැනත්, ඉතිරි මුදල් හරියට ලබාදීම ගැනත්, රැකියාවේ වැදගත්කම ආරක්ෂා කරගන්නා ආකාරයත් හොඳින් පුහුණු කරන්න.
රුපියල් 250ක් නැතුව රුපියල් 2500ක විතර දඩයක් අයකරා නම් මීට වඩා සාර්ථක වෙයි.
ටිකට් පරීක්ෂක මහත්තුරු නැවැත්තුවාම රු. 500/= ක් පර්මිට් එක අස්සෙන් තියාගෙන කොන්දොස්තර යනවා. ඒ එක්කම හරි යන් කියලා යනවා. මේ යක්කු කරන්නේ මේ වැඩේම තමයි. මේ අද මොනවා වෙලාද මන්දා මේ අය අල්ලාගෙන... පහුගිය දවස්වල එකෙක් ඇල්ලුවද?
මුදල් අරන් ගමන යන්න ලැබෙනවා නම් අපිට ටිකට් එක ගැන ප්‍රශ්නයක් නැහැ. වංචාවක් සිදුවෙනවා නම් එක බස් හිමියා බලාගනීවි... ටිකට් එක දුන්නත් එය නියම මුදලට දෙන එකක් නොවෙයි. එක්කෝ වැඩියි නැති නම් අඩුයි.
රුපියල් 250 වැඩියි. ඒ මිනිස්සු කාලා බීලා ඉන්නේ කොහොමද ඔහොම දඩ අය කළාම...? මොන අපරාධයක්ද මේ?
රු 250 කටත් වඩා ඔවුන් එදා හම්බ කරලා ඇති...
ඔය ටිකට එ්ක හරියන වැඩක් නෙවෙයි... ඉලෙක්ට්‍රොනික් කාඩ් එක තමයි හරිම දෙය...
ලංගම බස් වල ටිකට් නොදෙන එක බලන්නේ නැද්ද?