(කලීජ් ටයිම්ස් ඇසුරෙනි)
ආගමික හා වන්දනාමාන කටයුතු සඳහා විදේශිකයින්ට සෞදි අරාබියාවේ මක්කම ඇතුළු ඉස්ලාමීය සිද්ධස්ථාන වෙත පැමිණිමට ලබාදී තිබූ අවස්ථාව තාවකාලිකව අත්හිටුවිමට අරාබියානු රජය තීරණය කර ඇත.
ලොව පුරා රටවල් රැසක නව කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සෞදි රජය මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉස්ලාමිය බැතිමතුන් මිලියන ගණනක් මක්කම මෙදිනා ඇතුළු සිද්ධස්ථාන වන්දනාමාන කිරිමට සෞදි අරාබියට පැමිණෙන බව සඳහන්වේ.
කෙසේවෙතත් ලබන ජුනි මස අගදී ඇරඹෙන හජ් වන්දනා සමයට මෙම තාවකාලික තහනමෙන් බලපෑමක් එල්ල වන්නේ ද යන්න පිළිබඳ සෞදි රජය මෙතෙක් ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොපෙනෙන බලවේග වලට වෛරසයක් වත් නවත්වන්න බැරිද?
කොරෝනවට ඔච්චර බයද? ඔය කියන සර්වබලධාරී දෙවියන්ට බැරිද? එතුමන්ව වන්දනා කරන්න එන බැතිමතුන්ව ඔය වෛරස් එකෙන් බේරගන්න....
දෙවියන්ටවත් එතුමා නැමදීමට එන බැතිමතුන් ආරක්ෂා කිරීමට බැරිද? අල්ලාහ් හරිම බලවත් දෙවි කෙනෙක් කුරානයට අනුව... ප්‍රායෝගිකත්වය මේ සේරටම වඩා බලවත් බව තේරුම් ගැනීමට කාලය එළඹ ඇති බව අදහන්නන් විසින් තේරුම් ගත යුතුය. බුදුදහමේ ප්‍රායෝගික බව වැටහෙන්නේ මෙවැනි අවස්ථා වලිනි.
අපේ අගමැතිතුමා මක්කමට යන්න දුන්නු සහනය අපරාදෙනේ..
ආණුඩුවෙන් සහන දුන්නට වැඩක් නැහැ. යන්න විදිහක් නැහැනේ..!!!
මම දන්නා තරමින් කුරානයට අනුව අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් පවසා තිබෙන "නුඹලව මෙම ලෝකයේ අපි පරීක්ෂාවට ලක් කරන්නෙමු. මුදල් ප්‍රශ්න, ජීවිත විනාශ, ලෙඩ රෝග යනාදී දේවල් වලින් අපි නුඹලාව පරීක්ෂා කරනු ලබනවා. ඒ වගේම ලෝක අවසාන දිනය ළං වනවිට නුඹලා නොදන්නා, නොදැකපු ලෙඩරෝග මේ ලෝකයට ළඟාවනු ඇත. ඒවාට උදාහරණ ලෙස ඒඩ්ස්, කොරෝනා යනාදිය හඳුන්වා දෙන්න පුළුවන්...
ආගම ඇදහිය යුතුයි. ඒ වගේම තමුන්ගේ ආරක්ෂාවට අවශ්‍ය දේ හැකි පමණින් තමුන්ම සලසා ගත යුතුයි. ඒකයි සෑම ආගමකම ප්‍රායෝගික පැත්ත...
වෛරස දෙයියන්ට පාලනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. දෙයියොත් ඕවට බයයි...
ආගම් අදහන අයගේ තර්ක දැක්කම අපිට හිනා... එ්කේ කියනවා වහලාට ස්වාමියා ප්‍රශ්න කරන්න අයිතියක් නැත කියලා... තව කෙනෙක් කියනවා ප්‍රායෝගික දහමේ ප්‍රායෝගික පැත්ත ගැන, තව එකෙක් කියනවා අපිව පරීක්ෂාවට ලක් කරන්න එවූ ප්‍රශ්න පත්තරයක් කියලා... තව කෙනෙක් කියනවා කොයි ආගමේත් එහෙම තමයි. තමන්ගේ ආරක්ෂාව තමන් බලාගන්න ඕනෑ කියලා.. ආගම කියන්නේ දැනුමේ හිඟ අඩුපාඩු තැන් පුරවාගන්න චින්තකයන් විසින් ඇතිකරන ලද යම් යම් මතවාද, ඇත්තටම කිව්වොත් සුරංගනා කතා, ආගම් පරිණාමය වෙනවා, පැරණි ආගම්වල කතා නූතන ආගම් වල තියෙන්නේ ඒ නිසයි. අහස ගොරවන්නේ සියුස් දෙවියන් කෝපවුණු නිසා, මිනිස්සු මැරෙන්නේ උපදින්නේ දේව කැමැත්ත නිසා, උප්පත්තිය දුක අවසන් කරන්නේ නිර්වාණය මගින් කියලා කියන මේ ඔක්කොම හිතළුවක් වෙලා...
ආගම ඇදහීමේ කොරෝනා වෛරසයේ කියන්නේ කරුණු දෙකක්... මේ දෙකඑකට ගෙන කතා කිරීමෙන් විසඳුමක් ලැබෙන්නේ නැහැ. කරන්න තියෙන්නේ වෛරසය පාලනය කිරීමට ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීම පමණි.
සියල්ල දන්න උතුමාණෙනි, ඔබගේ දාර්ශනික අදහස් දැක්කාම පෙනෙන්නේ කාලයත් සමග මානව ගුණාංගවල පිරිහීමයි.