(ඉන්දිකා රාමනායක)
කැලණිය සරසවියේ සීසීටීවී කැමරා පද්ධතිය ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 16 දෙනා අතරින් 12 දෙනෙකු අද (27) පස්වරුවේ පොලිස් ඇප මත මුදා හැර ඇතැයි පොලිසිය කියයි.
මෙම සිද්ධියට සෘජුවම සම්බන්ධ බව කියන කැලණිය විශ්ව විද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති හිමියන් ඇතුළු සිසුන් සිව් දෙනෙකු තවමත් අත්අඩංගුවේ පසුවන අතර ඔවුන් හෙට මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා මුදල්, ජනතා දේපල විනාශ කරන අයට උපරිම දඬුවම් දෙන්න. මහජන දේපළ විනාශයේ පාඩුව රුපියල් 25000ට වැඩි නම් පැනවිය හැකි දඬුවම මේ දවස්වල කවුරුත් දන්නවා.
රැග් කරන අය සහ ඔය ශිෂ්‍ය සංගම්වලට බැඳෙන එකයි නවත්තන්න පුළුවන් එකම ක්‍රමය... ඔය රැග්කරන සහ සංගම්වල ඉන්න අයගේ නම් ලිස්ට් හැම අවුරුද්දෙම ප්‍රසිද්ධ කරලා වෙබ් සයිට් එකක දාලා රැග් කරන අය වෙනම බ්ලැක් ලිස්ට් කරලා ප්‍රසිද්ධ කළා නම් Gov/Private company වලට ගනිද්දී ජොබ්, වීසා දෙද්දී නම් ලිස්ට් එක චෙක්කරලා නොදී ඉන්න පුළුවන්... එතකොට රැග්කරන එකයි ඕවට බැඳෙන එකයි දෙකම නවතිනවා..
සසර ගමන කෙටිකර ගන්න ගිය ස්වාමීන් වහන්සේලා නේද මේ..? මේ වගේ චීවර ධාරීන් ශාසනයෙන් නෙරපන්න කටයුතු කරන්න ඕනෑ. මහනායක හිමිවරුන් මේ වගේ අය සහ දේශපාලන වේදිකාවල එක එක පුද්ගලයින්ට සහ පක්ෂවලට කඩේ යමින් සම්බුද්ධ ශාසනයත් වනසන චීවර ධාරීන් වෙනුවෙන් එරෙහි නොවීම කණගාටුයි.
සිවුරටත් නිගාදෙන හිමිවරු තමයි මේ... අපේ මහනායක හිමිවරුන්ට මේවා පේන්නේ නැද්ද? මේවගේ හිමිවරු බණපදයක්වත් දන්නවද දන්නේ නැහැ. මහජන මුදලින් උපාධි අරගෙන සිවුරුත් අයින් කරන එක තමයි කරන්නේ...
ගුවන් තොටුපළේ කස්ටම් සහ ඉමිග්රේෂන් තියෙන තැන්වලත් සීසීටීවී දාන්න පුළුවන් නම් යහපාලකයින් බයවුණා.. මාෆියා කල්ලිවලට එක්කෝ දෙගොල්ලෝම එකතුවෙලා හොරකම් කළා.
කිසිම සමාවක් දෙන්න හොඳ නැහැ. මෙයාලාට ඇප නොදී හිරේ දාන්න ඕනෑ. ශිෂ්‍ය භාවයත් අහෝසි කරන්න ඕනෑ. මෙයාලා තමන්ගේ සීමාව දැනගෙන ඉන්න ඕනෑ. දැන් එතකොට මේ රටේ පරිපාලනය කරන්න ඕනෑ මෙයාලා කියන විදියටද? එකෙකුව, දෙන්නකුව හය මාසෙකටවත් මහ උළු ගෙදරට යැව්වා නම් ඔය සේරම දේවල් නවතීවි...
විභාග ජයගත් පමණින් බුද්ධිමතුන් වන්නේ නැත, විභාග ජයගත් පමණින් වින්ඥානය ලැබෙන්නෙත් නැත. මෙවැනි කඩාකප්පල් කාරී ක්‍රියා වන් ඥානයක් ඇතිවූත් බුද්ධිමත් අය කිසිදා කරන්නේ නැත.
මහ ශිෂ්‍ය සංගමයේ සභාපති හිමියන් චණ්ඩියෙක්, මැරයෙක් විදියට හැසිරෙන්නේ බෞද්ධ ආගමට අගෞරවයක්... බංකොලොත්, අන්තවාදී දේශපාලන පක්ෂ ඉතා පහසුවෙන් මේවගේ චීවරදාරි මැර චරිත විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම්වල ප්‍රධාන තනතුරුවලට දාලා බෞද්ධ ආගමට අගෞරව වෙන විදියට හසුරුවලා ලොවටම කියාපානවා ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගම කොතැනද තියෙන්නේ කියලා...?
මේ ශිෂ්‍යයින්ට දඬුවම්දී ශිෂ්‍ය භාවය අත්හිටුවා පරිසරය පිරිසිදු කිරීම, කුඹුරු අස්වැද්දීම වැනි සමාජයට සේවයක් වන වැඩ කොටසක් කළාට පසුව නීති රීති රාශියකට අත්සන් කොට නැවත අධ්‍යාපනය ලැබීමට අවස්ථාව දිය යුතුය. අනිත් දේ තමයි.., පාර්ලිමේන්තුවේ මයික්‍රපෝන් කඩාදමා පාර්ලිමේන්තුව විනාශකළ කාලකන්නින්ට දඬුවම් නොදීමෙන් අපි ළමයින්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් කුමක්ද? එස්.බී. දිසානායක මොකද කියන්නේ මේ අදහසට...?