( ඉන්දිකා රාමනායක )
කැලණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සවිකර තිබු සීසීටිවී කැමරා 14 ක් සහිත පද්ධතිය ගලවා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි සිසුන් 16 දෙනකු කිරිබත්ගොඩ පොලීසිය විසින් අද( 27) අත්අඩංගුවට ගනු ලැබුවේය .
මෙම පිරිස අතර කැළණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කොබෙයිතුඩුවේ සමිත හිමියන්ද සිටින බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට සම්බන්ධ කහකඩයින් ටිකත් අල්ලලා කූඩුවට දාන්න ඕනේ....
අඹගෙඩි 6ක් කඩපු අත්තම්මට, බඩගින්නට පාන් රාත්තලක් හොරකම් කළ පොඩි එකාට එදා ක්‍රියාත්මක කළ නීතිය මේ සංවිධානාත්මකව මහජන දේපල විනාශ කළ අයට ඇයි ක්ෂණිකව ක්‍රියාත්මක නොවෙන්නේ? ඇයි මෙයාලට ඔච්චර රටම බය? ඔය පොලිසි ගියාට අවවාදයක් දීලා එළියට දායි. එහෙම වුණොත් මේ සිද්ධිය ආදර්ශයට අරන් සියලුම පාසල්වල කැමරා පද්ධති ගලවලා විසිකරපල්ලා ළමයිනේ...
ඔය නවකවද කාරයෝ. කරන නරක වැඩ අහුවෙයි කියලා කැමරා ගලවනවා. මේ අයට කිසිම සමාවක් දිය යුතු නැහැ.
රැග් කරන අය සහ ඔය ශිෂ්‍ය සංගම්වලට බැඳෙන එකයි නවත්තන්න පුළුවන් එකම ක්‍රමය... ඔය රැග්කරන සහ සංගම්වල ඉන්න අයගේ නම් ලිස්ට් හැම අවුරුද්දෙම ප්‍රසිද්ධ කරලා වෙබ් සයිට් එකක දාලා රැග් කරන අය වෙනම බ්ලැක් ලිස්ට් කරලා ප්‍රසිද්ධ කළා නම් Gov/Private company වලට ගනිද්දී ජොබ්, වීසා දෙද්දී නම් ලිස්ට් එක චෙක්කරලා නොදී ඉන්න පුළුවන්... එතකොට රැග් කරන එකයි ඕවට බැඳෙන එකයි දෙකම නවතිනවා..
රාජ්‍ය දේපළ විනාශ කළ මේ විනාශකාරී පිරිසට දඬුවම් දිය යුතුයි..
කරුණාකර අවුරුද්දක්වත් හිරේ දාන්න. ඔවුන්ට එසේ නොකළොත් එය අපේ මානව හිමිකම් කඩවීමකි.
ආරක්ෂාවට යොදවන කැමරා ගලවන එක හොඳ නැහැ. අනික රජයේ දේපල. රජයේ කියලා ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා හිතන් ඉන්න මානසිකත්වය හොඳ නැහැ. දේපල ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න විශ්ව විද්යාලවලදීද උගන්වන්න ඕනේ... මෙවැනි කඩාකප්පල්කාරී මානසිකත්වයන් විශ්ව විද්‍යාලවලට සුදුසු නොවේ.
මෙම වසලයින් සරසවි විනාශ කරන අතර ඔවුන්ගේ මහප්පලා වැඩවර්ජන කරමින් රටම විනාශ කරමින් සිටියි. මානව හිමිකම් වෙළෙන්ඳන්ට බයේ ආණ්ඩුව මොවුන්ට එරෙහි නොවීම රටේ පොදු මහජනයාට කරන අසාධාරණයකි.
දෙන දඬුවමකට අමතරව මොවුන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කරන්න. අපේ බදු මුදල් තමයි මොවුන් නාස්ති කරන්නේ..
දැඩි දඬුවම් දෙන්න ඕනෑ..
88, 89 දී දීපු කෑම වට්ටෝරුව දුන්නානම් ඔය ඔක්කොම හොඳ වෙනවා.
අහිංසක පුරවැසියන්ගෙන් එකතු කරගන්න බදුමුදල් වලින් රටේ උන්නතිය සඳහා මිලයටගත් දෙයක් තිබේද? එය කුමක් වුවත් ඒවා මහජන දේපළ බැවින් විනාශකිරීමට කිසිවෙකුට අයිතියක් නැත. එබැවින් ගරු අධිකරණය මෙම උද්ධච්ච නූගතුන්ට නිසිදඬුවම් ලබාදෙනු ඇති බදුගෙවන පුරවැසියන් වන අප තරයේ විශ්වාස කරන්නෙමු. මෙයට සම්බන්ධ සෑම "රස්තියාදු කාරයෙක්ම" සරසවිවලින් සදහටම පන්නා දැමිය යුතුමය. සැමදා එවන් රස්තියාදුකාරයින්ට දියව් දියව් යන තේමාව යටතේ පාරක් පාරක් ගානේ කෑ මොරදීමට සැලැස්විය යුතුමයි. මෙවන් මුරුගයන් අපගේ මාතෘභූමියට සාපයකි. එබැවින් අන්තරේ ඉන්න මෙම නූගතුන්ට 88/89 සිහිකරමින් දෙන එක දෙන ලෙස අප අදාල අංශවලින් ඉල්ලා සිටින්නෙමු. දියවන්නා ඔයේ රතුහැට්ටකාරයින්ගේ අතකොලුවන් වන මෙම අන්තරේ අන්දරේලාට දුටු තැන සමාජයෙන් පන්නා දැමීමට කාලය එලඹ ඇත.
සියලු දෙනාගේම ශිෂ්‍යභාවය අහෝසි කළ යුතුයි.
කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම් වලට ඉහළ පාලනාධිකාරයෙන් කිසිවක් සිදු නොකරනුයේ ඔවුන්ගේ යම් යම් අඩු පාඩු මොවුහු එළිකරති. බියෙන් විය හැක. ජනාධිපතිතුමනි, විශ්ව විද්‍යාල භූමිය යනු අප රටේම කොටසක් බැවින් වහාම එම භූමියට සහ නේවාසිකාගාරයන්ට හමුදා ආරක්ෂාව ලබාදෙනු මැනවි. දැන් CCTVත් නොමැති බැවින්...
මේ වගේ ඔලමොට්ටල කඩා කප්පල්කාරී මැර විරෝධතාවල යෙදෙන අයට උපරිම දඬුවම් දිය යුතුය. කැමරා පද්ධති ආරක්ෂාව සඳහා අත්‍යාවශ්‍ය දෙයකි. ඒ වගේම හාමුදුරුවන්ට පිරිවෙන් අධ්‍යාපනය පමණක් සැහේ. ඒ වගේම සරසවි තුළ ඇති වැඩකට නැති දේශපාලනික ශිෂ්‍ය සංවිධාන තහනම් කළ යුතුය.