(ඉන්දිකා රාමනායක)
ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක මත්පැන් පානය කර බීමතින් යතුරු පැදියක් පදවා අනතුරක් සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙහිවල පොලිසියේ කොස්තාපල්වරුන් සිව්දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් සිව්දෙනකු බවක් අද (27) ඔවුන් සිව්දෙනාගේ වැඩතහනම් කර ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම කොස්තාපල්වරුන් සිව්දෙනා ඊයේ (26) රාත්‍රීයේ ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලක දී මත්පැන් පානයකර ඇති බවත් මත්පැන් පානය කර හෝටලයෙන් පිටවන අවස්ථාවේ එක් කොස්තාපල්වරයකු පැදවූ යතුරු පැදියක් එම හෝටල් හිමිකරුගේ මෝටර් රථයේ ගැටී ඇති බවත් පොලිසිය පවසයි.
මෙහිදී කොස්තාපල්වරුන් සිව්දෙනා හෝටල්හිමිකරු සමඟ බහින් බස්වී ඇති බවත් එම අවස්ථාවේ කිසිවකු විසින් සිද්ධිය ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රෝහාන් ප්‍රේමරත්න මහතාට දැනුම් දී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ දැනුම් දීම මත පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂණ පවත්වා සැකකාර කොස්තාපල්වරුන් සිව්දෙන එම මොහොතේම අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටත්, නියරත් ගොයම් කා නම් කාට පවසමිද ඒ අමාරුව..?