
තමිල්නාඩුවේ නව මහ ඇමති ලෙස දිවුරුම් දුන් තලපති විජේ සහ ධුරයෙන් සමුගත් මහ ඇමැති මෙන්ම ඩී.එම්.කේ. පක්ෂයේ නායක එම්.කේ. ස්ටාලින් අතරේ සුහද හමුවක් පැවැත්විණි. ස්ටාලින්ගෙන්, නව මහ ඇමැති විජේට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි.
මහ ඇමැති ධුරයේ දිවුරුම් දුන් සැණින් විජේ සිය රාජකාරි ආරම්භ කළේය. තමිල්නාඩුවේ මහ ඇමැති ලෙස විජේ, ස්ටාලින් හමුවී සාකච්ඡා කළ පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. මෙම හමුවට ස්ටාලින්ගේ පුතු උදයනිධි ද එක් විය. උදයනිධි ස්ටාලින්, නව මහ ඇමැති විජේ පිළිගත්තේ ඔහු වැලඳ ගනිමිනි.
නව මහ ඇමැති ලෙස දිවුරුම් දීමෙන් පසු විජේ මුලින්ම කළේ මා හමුවී මාගේ ආශිර්වාද ගැනීමයි. ඔහුට මා හදවතින්ම සුබ පැතුවා. ආශිර්වාද කළා’ යැයි ස්ටාලින් සිට එක්ස් ගිණුම ඔස්සේ සටහනක් ද පළ කර ඇත. සිල්ක් සළු සහ මල් කළඹ හුවමාරුවක් ද විජේ සහ ස්ටාලින් අතර සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd