( මහින්ද නිශ්ශංක )
අනුරාධපුර දුම්රිය ආරක්ෂක හමුදාවේ සහකාර අධිකාරී කාර්යාලයේ විවේකාගාරයට කිසිවකු විසින් පෙට්‍රල් බෝම්බයක් එල්ල කිරීමෙන් එහි රැදී සිටි සහකාර ආරක්ෂක අධිකාරීවරයෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.
ඊයේ (26) මධ්‍ය රාත්‍රි 12 ට පමණ මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලීසිය කියයි.
තුවාල ලැබීමෙන් රෝහල්ගත කර ඇත්තේ එදින රාජකාරීයේ යෙදී සිටි රත්නමලල නැමැති සහකාර ආරක්ෂක අධිකාරීවරයෙකු බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකුත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර අනුරාධපුර පොලීසිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.


( ඡායාරූප - දයාරත්න ඇඹෝගම )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ පිටිපස්සේ දේශපාලුවෙක් ඉන්නවා යයි කියලයි ආරංචි...