
‘හැන්ටා’ වයිරස ව්‍යාප්තියක් සිදුවුණු ‘එම්.එස්. හොන්ඩියුස්’ නමැති මගී නෞකාවේ සිටි සියලුම ආසාදිතයන් සංචාරක මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් කැනේරි දූපත්වල සිට කුඩා ගුවන් යානා දෙකක් මගින් නෙදර්ලන්තයට රැගෙන ආ බව පැවැසෙයි.
ගුවන් යානා දෙනෙක් රැගෙන ආ මගීන් ගණන 6 ක් බවත් කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණන 19 ක් බවත් නෙදර්ලන්ත විදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මෙම පිරිස කඩිනමින් නිරෝධායනයට යොමු කෙරුණු බවත්, වෛද්‍ය ප්‍රතිකාර අයශ්‍ය පුද්ගලයන්ට අවහ්‍ය ප්‍රතිකාර ලබා දෙන බවත් පැවැසෙයි.
මගීන් අතරේ ඕස්ටේ්‍රලියානුවන් සිවු දෙනෙකු, නවසීලන්ත ජාතිකයකු සහ ඕස්ටේ්‍රලියාවේ ජීවත් වන බි්‍රතාන්‍ය ජාතිකයකු සිටින බව පැවැසෙයි. හොවුන් සියලු දෙනා නිරෝධායනය සඳහා ඉන්ඩ්හොවන් හමුදා තඳවුරට රැගෙන ගිය බව පැවැසෙයි.
‘එම්.එස්. හොන්ඩියුස්’ නෞකාවේ වයිරසය පැතිරීම ආරම්භ වූයේ එය ආජන්ටිනාවෙන් මූදු ගමන ආරම්භ කිරිමෙන් පසුවය. වයිඑස ආසාදිතයන් ලෙස පළමුවෙන්ම හඳුනාගත්තේ නෙදර්ලන්ත ජාතික යුවලකි. ඔවුන් දෙදෙනාම වයිරසය උත්සන්න වී, ස්වසන අපහසුතා හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූහ. ඉන්පසු ජර්මන් ජාතිකයකු ද වයිරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත්විය.
හන්ටා යනු මීහයන්ගේ මළ මුත්‍රවලින් මනුෂ්‍ය අපට බෝවන වයිරසයකි. මෙයට ප්‍රතිකර්මයක් නොමැත. නෞකාවේ ව්‍යාප්තවී ගියේ හන්ටා අන්දීස් නමැති ප්‍රභේදයයි. මෙය මනුෂ්‍යයන් අතරේ පැතිරෙන මාරක වයිරස ප්‍රභේදයකි. මෙම වයිරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි විමසිල්ලෙන් පසුවන බව ද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd