දිස්ත්‍රික් මහරෝහල් 5ක් මධ්‍යම රජයට පළාත් සභා යටතේ පාලනය වන දිස්ත්‍රික් මහරෝහල් 5ක් මධ්‍යම රජයට පවරාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. 02 March 2020
පේරාදෙණිය මැදි විදුහලේ ජ්‍යෙෂ්ඨයින් කනිටු සිසුන්ට බලෙන් මත් ටොෆි කවලා පේරාදෙණිය මධ්‍ය මහා විදුහලේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් එම විදුහලේ පහළ පන්තිවල සිසුන්ට බලහත්කාරයෙන් මත් ටොෆි කැවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 02 March 2020
දුම්රියේ ගැටුණු මෝටර් රථයේ රියැදුරු අනූනවයෙන් දිවිබේරාගනී හික්කඩුව වැල්ලවත්ත දුම්රිය හරස්මාර්ගයේදී අද(02) දහවල් මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් වූ අනතුරකින් මෝටර් රථයේ රියැදුරු අනූනවයෙන් දිවි ගලවාගෙන ඇතැයි පොලිසිය කියයි. 02 March 2020
දම්වැලෙන් බැඳ තිබූ සැකකරු පුටුවත් උස්සාගෙන පැන ගිහින් මත්කුඩු සම්බන්ධයෙන් සැකපිට කළුතර ප්‍රදේශයේ පොලීසියට රැගෙන ආ සැකකරුවකු පුටුවක වාඩිකරවා පුටුවට ද සම්බන්ධ වන සේ අත්වලට මාංචු දමා සිටියදී අලුයම 3.00 පමණ පුටුවද හිස මත තබාගෙන මාංචු කුට්ටම පිටින් පැනයාමේ සිද්ධියක් කළුතරින් වාර්තා වේ. 02 March 2020
සජිත් පිල වැඩ අරඹයි සජිත් ප්‍රේමදාස මහතා විසින් නායකත්වය දෙනු ලබන සමගි ජනබලවේගය සිය සන්ධාන ගතවීමේ කටයුතු නිල වශයෙන් අද ආරම්භ කළේය. ඒ සඳහා විවිධ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක්ම සමගි ජනබලවේගය සමග එක්ව සිටී. 02 March 2020
‘එජාපය අලියා ලකුණින් තරග කරනවා ‘ ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග කිරීමට තීරණය කළ බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය. 02 March 2020
කෝටි 10 ක හෙරොයින් වනවාසලින් අල්ලයි වනවාසල ප්‍රදේශයේ සුවිසල් නිවසක තිබිදී හෙරොයින් කිලෝ 10 ග්‍රෑම් 300 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනකු විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ විසින් අද (2) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත. 02 March 2020
වයිරසයෙන් මිය ගිය ගණන 3000 ඉක්මවයි කොරෝනා වයිරසයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව අද වනවිට 3000 ඉක්මවා ගොස් ඇති බව චීනයේ බලධාරීහු පවසති. 02 March 2020
අන්තරේ හිමි නම ඇතුළු 22දෙනා තවදුරටත් රිමාන්ඩ් අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් පැවැත්වූ බව කියන අන්තරේ කැඳවුම්කරු ඇතුළු විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් 22 දෙනා මාර්තු 16 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (02) නියෝග කළාය. 02 March 2020
පිටකොටුවේ තොග වෙළඳපොළේ ලොකු ලූනූ උග්‍ර හිඟයක් පිටකොටුවේ තොග වෙළඳපොළේ විශාල වශයෙන් ලොකු ලූනූ හිඟයක් පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු මහතා පැවසයි. 02 March 2020
කොරෝනා ඇමෙරිකාවට - පළමු රෝගියා මියයයි කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ විසූ 50 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි ඇමෙරිකානු බලධාරීහු ප්‍රකාශ කරති. 02 March 2020
ශ්‍රී ලංකාවට 3-0 ක තරගාවලි ජයක් මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් එක්දින තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 6 ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමගින් එක්දින තරගාවලිය 3-0 ක් ලෙසින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 01 March 2020
අඩු පහසුකම් සහිත පාසල් 1346කට ටැබ් පරිගණක ලබාදෙන්නැයි නිර්දේශයක් රජයේ පාසල්වල අ.පො.ස. උසස් පෙළ සිසුන්ට බෙදාදීම සඳහා ඇණවුම් කර නිෂ්පාදනය කර ඇති ටැබ් පරිගණක 96916ක් උසස්පෙළ සිසුන්ට ලබාදීම වෙනුවට , අඩු පහසුකම් සහිත පාසල් 1346කට බෙදා දෙන්නැයි, මේ සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ විශේෂඥ කමිටුව නිර්දේශ කරඇත. 01 March 2020
සුමිත් චන්දන අලහකෝන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ධූරයට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන සුමිත් චන්දන කුමාර අලහකොන් මහතා පත් කිරීමට යෝජනා වී තිබේ. 01 March 2020
කලා මණ්ඩලයේ සාමාජිකයින්ගේ දීමනා වැඩිකිරීමට යයි ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයාට සහ සාමාජිකයින්ට ගෙවනු ලබන දීමනාව වැඩි කිරීමට බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ. 01 March 2020
මුදල් අමාත්‍යංශයට නව උපදේශකවරු දෙදෙනෙක් ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී කේ.බී සෙනරත් බණ්ඩාර සහ මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරී හා අධ්‍යාපන විධායක නිලධාරී පී.බී.ආර්.පී ගුණවර්ධන යන මහත්වරුන් මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරුන් ලෙස පත්කිරීමට රජය තීරනය කර ඇත. 01 March 2020
කොදෙව් පිලට ලකුණු 308 ක ඉලක්කයක් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැත්වෙන තුන්වැනි සහ අවසන් එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 307 ක් ලබාගත්තේය. කුසල් මෙන්ඩිස් (55) සහ ධනංජය ද සිල්වා (51) අර්ධ ශතක ලබාගත්හ. 01 March 2020
අධික උණුසුම මැයි දක්වා දිවයිනේ ප්‍රදේශ ගණනාවක පවතින අධික උණුසුම් තත්ත්වය ලබන මැයි මාසය දක්වාම පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා ලංකාදීපයට අද (1) පැවසීය. 01 March 2020
දක්ෂිණ අධිවේගීයේදී බසයක් ගිනිගනී කොළඹ සිට මාතර බලා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් කොක්මාදුව සහ ඉමදුව අන්තර් හුවමාරු අතර පිහිටි 112 කිලෝ මීටර් කණුව අසල දී ගිනි ගැනීම හේතුවෙන් බස් රථයට අලාභහානි සිදුවී ඇතැයි අධිවේගී මාර්ග පොලිසිය කියයි. 01 March 2020
රිය අනතුරකින් විදේශිකයෝ 4 ක් ඇතුළු 6 ක් රෝහලේ කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ගලේවෙල ඕමාරගොල්ල පල්ලමදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීමෙන් අද ( 01) දහවල් සිදු වූ අනතුරකින් ප්‍රංශ ජාතික මව, පියා ,පුතා සහ දියණිය රියදුරු සහ මගපෙන්වන්නා තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 01 March 2020
රූපවාහිනී සේවකයන්ට පඩි ගෙවන්න භාණ්ඩාගාරයෙන් සල්ලි ඉල්ලයි රූපවාහිනී සංස්ථාවේ සේවකයන්ට මේ වසරේ වැටුප් ගෙවීම සඳහා මාසිකව රුපියල් 48,000,000 ක් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන්නැයි තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කර ඇත. 01 March 2020
හෙරොයින් -අයිස් සමඟ අත්අඩංගුවට ගත් 6 දෙනා රඳවා ප්‍රශ්න කිරීමට අවසර හෙරොයින් කිලෝ 74 ක් සහ අයිස් කිලෝ 66 ක් සමඟ දකුණු මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරුවන් පස් දෙනා දින හතක රැදවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. 01 March 2020
මහනුවරට විදුලි දුම්රිය මාර්ගයක් මහනුවර නගරයේ පවතින අධික රථවාහන තදබදය තුරන් කිරීම සදහා ක්‍රියාත්මක කෙරෙන විදුලි දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට රජය තීරණය කර ඇත. 01 March 2020
අන්තරේ හිමිනම ඇතුළු 22 දෙනා හෙට තෙක් රිමාන්ඩ් උද්ඝෝෂණයක් පැවැත්වී යැයි අත්අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු ඇතුළු විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් 22 දෙනා මාර්තු 2 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලක්මාලි විජේතුංග මහත්මිය අද (1) නියෝග කළාය. 01 March 2020
කොළඹ කතරගම මාර්ගය තංගල්ලෙන් වහයි තංගල්ල පල්ලිකුඩාව ප්‍රදේශයේ පාලමක ඉදිකිරීම් සිදුකරන අතරතුරදී ප්‍රධාන මාර්ගයේ කොටසක් කැඩී යාම හේතුවෙන් කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය තංගලෙන් වසා ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. 01 March 2020
රාජ්‍ය සේවක තොරතුරු අන්තර්ජාලයට එකතු කරන්න යයි රාජ්‍ය සේවකයින්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් ලිපි ගොණු පිළිබඳ සියලු විස්තර අන්තර්ජාලයට එකතුකිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. 01 March 2020
මාතර-බෙලිඅත්ත මාර්ගයට තවත් උප දුම්රිය පොළක් මාතර සිට බෙලිඅත්ත දක්වා වන දුම්රිය මාර්ගයට තවත් උප දුම්රිය පොළක් ඉදිකිරීම සඳහා අද(1) ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මූලිකත්වයෙන් මුල්ගල් තැබිණි. 01 March 2020
හොරෙන් විදුලිය ගත් 84 ක් අත්අඩංගුවට විදුලි රැහැන් වලට කොකු ගසා නිවෙස් වලට හොරෙන් විදුලිය ලබාගත් බව කියන මන්නාරම මුරුක්කන් හා සිලාවතුර ප්‍රදේශයේ පුද්ගලයින් 84 දෙනෙකු විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය හා මන්නාරම පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත. 01 March 2020
කෝටි 11 මත්ද්‍රව්‍ය තොගයක් ගාල්ලේදී සොයාගනී නාවික හමුදාව සහ පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ මෙහෙයුමකදී රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් මත් ද්‍රව්‍ය තොගයක් ගාල්ලේ දී සොයාගෙන තිබේ. 01 March 2020
කොරියාවේ සිට ලංකාවට එන මගීන් සංඛ්‍යාව ඉහළට දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය බාර නිලධාරී පැවසීය. 01 March 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026