( +++ විශේෂ වාර්තාකරුවකු විසිනි)
මත්කුඩු සම්බන්ධයෙන් සැකපිට කළුතර ප්‍රදේශයේ පොලීසියට රැගෙන ආ සැකකරුවකු පුටුවක වාඩිකරවා පුටුවට ද සම්බන්ධ වන සේ අත්වලට මාංචු දමා සිටියදී අලුයම 3.00 පමණ පුටුවද හිස මත තබාගෙන මාංචු කුට්ටම පිටින් පැනයාමේ සිද්ධියක් කළුතරින් වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම සැකකරු දින කිහිපයකට පසුව නැවත වරක් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.
කුඩු සම්බන්ධ චෝදනාවකට සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියේ පුටුවක් මත වාඩිකරවා අත්මාංචු කුට්ටම පුටුවට ද සම්බන්ධ වන සේ දමා ඇත.
අලුයම 3.00 පමණ වන විට පොලීසියේ පිරිසට ද වාඩිවී සිටි ස්ථානවලම නින්ද ගොස් තිබූ අතරවාරයේ ඒ ඇසිල්ලෙන් ප්‍රයෝජනය ගෙන තමා වාඩි වී සිටි යකඩ පුටුව හිස මත තබාගෙන කිලෝමීටර් 2 ක් පමණ දුරින් පිහිටි ඔහුගේ නිවෙසට ගිය බවත් එදින අලුයම තම හිතවතෙකු වූ පරණ යකඩ එකතු කරන්නෙකු හමුවීමට ගොස් මාංචු කුට්ටම ඉවත් කරගත් බවත් අත්අඩංගුවට ගත් සැකකරු පසුව පොලීසියට කියා ඇත.
කෙසේ වුවද සැකකරුවකුට යෙදූ මාංචු කුට්ටමක් ගලවා ඉවත්කර ඔහුට උදව්කිරීමේ වරදට පරණ යකඩ එකතු කරන්නාට මෙතෙක් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටුයුතු කර නැතැයි ද හීනටියංගල ප්‍රදේශවාසීහු කියති.
එම පරණ යකඩ එකතුකරන්නා පොලීසියට කැඳවා ඇතත් ඔහුට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන මුදාහැරීම සම්බන්ධයෙන් තමන් තුළ සැකයක් මතුව ඇතැයි ද ප්රදේශවාසිහු කියති.
මෙම සිද්ධිය පොලීසියේ කිසිදු ලොග් පොතක සටහන්වී නොමැති බව ද කියැවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්පති වරයාට මේ ගැන ප්‍රකාශයක් කර පොලීසිය පිළිබඳව ජනතා විශ්වාසය තහවුරු කරන්න වෙලාවක් නැතිවද? අර අපේ ජනාධිපති උතුමාණන්ට රට පාලනේ කරන්න වෙලාවක් සොයා ගන්න බැහැ වගේ...
අනේ ශ්‍රී ලංකා පොලිසිය.. ඔන්න නිලධාරීන්ගේ හැටි. ඇයි මේ අයට රාජකාරිය නිසි ලෙස ඉටු නොකලට දඬුවම් නොදෙන්නේ..? එසේ දඬුවම් නොදෙන තාක් කල් මේ අය පාඩමක් ඉගෙන ගන්නේ නෑ. සමහර විට දේශපාලකයෙකුගෙන් බලපෑමක් වත් තිබුණද දන්නේ නෑ. හැබැයි අනුන්ගේ වත්තකින් පොල් ගෙඩියක් අහුලපු, අඹ ගෙඩියක් කඩපු එකෙක් අහු වුණානම් හතර හන්දි කඩලා මේ වෙනකොට...
මොහුව වහාම කිරිබත්ගොඩින් ඡන්දයට ඉදිරිපත් කරන්න. අනිවාර්යයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් දිනනවා.
මට මතක් වුනේ උතුවන් කන්දේ සරදියෙල්...
ඒ කියන්නේ ඒ මිනිහා විතරද හොඳ සිහියෙක් හිටියේ?
දැන්නම් කිසිම දෙයක් මෙලෝ රහක් නැහැ. රට නිකම් පාවෙලා යනවා වගේ කොහේදෝ නොපෙනෙන අගාධයකට. එහෙන් කුඩු මෙහෙන් පිස්සු කෙලින ඇමති මන්ත්‍රීවරු, පාරවල් ගානේ ශිෂ්‍යයෝ පෙළපාලි (චීවරධාරියෝත් එක්ක), කන්න මෙලෝ දෙයක් නැහැ ගිනි ගණන්, එහෙන් පායනවා අපිට ටැප්වල වතුරවත් නැහැ. එ්ත් ආරක්ෂාව නම් තියෙනවලු. තිබ්බත් කුඩු ගෙනෙනවා.
කොහොමද සැකකරුගේ ටිකිරි මොලේ.. දේශපාලුවෙක් වෙන්න හොඳම සුදුසුකමක්...?
අහන්නත් දෙයක් තියෙනවද? කස්ටිය අඩු නැතුව දෙකක් දාලා රෙස්ට් කරන්න ඇති අරයව පුටුවේ ගැටගහලා. මේකටත් කොමිසමක් දායිද?
පොලීසිය අපිව ගොනාට අන්දනවා කියලා, කියන්නත් පුළුවන් නේද..? මේ සැකකරුවා පැනලා ගිහින් නෙමෙයි... එයාට යන්න දීලා.
හවුඩිනීත් කැලේ, මේ වගේ දක්ෂයන්ට තැනක් දිය යුතුයි. කොහිද මේ බලධාරියන් නිලධාරියන්? මේ වගේ දක්ෂයන් කැලේ පිපුණු මලක් ලෙස අකලට පරවී යා නොදිය යුතුයි. එහෙයින් මෙතුමා පොහොට්ටුවේ ඡන්ද නාම ලේඛනයට ඇතුළත් කර නිසි සැලකිල්ල ලබාදිය යුතුයි. එවිට මෙතුමා තම හැකියාවන් වැඩි දියුණු කරගෙන අපගේ සිරි ලංකාවේ නම ජාත්‍යන්තර තලයට ඔසවා තබාවි...
කවුද මන්දා ලියලා තිබුනා ජාතික ආරක්ෂාව දැන් හොදට තියනවා කියලා.
කවුද මන්ද ලියලා තිබුනා දැන් ජාතික ආරක්ෂාව හොදටම හොදයි කියලා.