(අනීෂා මානගේ)
මාතර සිට බෙලිඅත්ත දක්වා වන දුම්රිය මාර්ගයට තවත් උප දුම්රිය පොළක් ඉදිකිරීම සඳහා අද(1) ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මූලිකත්වයෙන් මුල්ගල් තැබිණි.
මෙම දුම්රියපොළ වැව්රුකන්නල සහ බෙලිඅත්ත දුම්රිය ස්ථානවල සිට කිලෝමීටර් පහක දුරින් නාකුළුගමුව ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිතය. මේ සඳහා වන ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන හයකි.මෙහි සැලසුම් ඉදිකිරීම සහ අධීක්ෂණය දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග සහ කර්මාන්ත උප දෙපාර්තමේන්තුව විසින් සිදුකරයි.
මෙම දුම්රිය ස්ථානය ඉදිකිරිමෙන් පසුව කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය දක්වා පහසුවෙන් සහ කෙටි කාලයකින් ගමන් කිරීමට හැකිවෙයි.
නව උප දුම්රියපොළ මුල්ගල් තැබීමේ අවස්ථාවට ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර, දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍ය එච්.ඩබ්ලිව්. ගුණසේන,බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ, දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත දීගල, දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂක රුක්මල් බණ්ඩාර, දුම්රිය මාර්ග ව්‍යාපෘති කළමනාකරු හේ මහතා ඇතුළු ව්‍යාපෘති නිලධාරින් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින් රැසක් එක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හොඳ වැඩක්..., මෙන්න මල් මිටක්. හැමදේටම අපි දොස් කියන්න නරකයි.
මේක හරි වැඩක්නේ... මූලික ඇස්තමේන්තු පවා වෙනස් කරලා. සැලසුම් වෙනස් කරලා හදන්නේ කුමන දැක්මක් අනුවද? කොහෙන්ද මේවට සල්ලි...? යම්කිසි ව්‍යාපෘතියක් කරන කොට ශක්‍යතා වාර්තා හදන්නේ, අාදායම් සහ ඵලදායි වාර්තා හදලා ඒවා අධ්‍යයනය කරලා, විශ්ලේෂණය කරලා එම ව්‍යාපෘතිය පටන් ගන්නේ නිකම් නෙමෙයි. එම ව්‍යාපෘතියේ ඵලදායිතාවය ඉහළින් රඳවා ගන්න. දැන් බලන්න, මැදමූලනට යන්න අධිවේගී මාර්ගයට අලුතෙන් ප්‍රවේශ මාර්ගයක් ඉදිකරනවා. එහිදී කිසිම විද්‍යාත්මක ඇගයීමක් සහ වියදම ගැන අදහසක් නැහැ. දැන් කෝච්චි පාරේ තිබුණෙත් නැති අලුත් ස්ටේෂමක් හදන්න යනවා. කවුද මේවාට සල්ලි ගෙවන්නේ? එතකොට තවත් ගමනට ගතවෙන කාලය අඩුවෙලා කාර්යක්ෂමතාවය අඩු වෙනවා. මේවගේ වැඩ ලංකාව වගේ ගොබ්බයින් ඉන්න රටක් හැර ලෝකේ වෙන කිසිම රටක් වෙන්නේ නැහැ. අමරවීර කියන්නේ බස්කොන්දොස්තර කෙනෙක් නිසා ඔයිට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?