(අජන්ත කුමාර අගලකඩ)
ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී කේ.බී සෙනරත් බණ්ඩාර සහ මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරී හා අධ්‍යාපන විධායක නිලධාරී පී.බී.ආර්.පී ගුණවර්ධන යන මහත්වරුන් මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරුන් ලෙස පත්කිරීමට රජය තීරනය කර ඇත.
බැංකු හා මූල්‍ය වෙළඳපොළ පිළිබඳව වසර 25 කට වැඩි කාලයක පළපුරුද්දක් හා විශේෂ දැනුමක් ඇති ඔවුන් දෙදෙනා රාජ්‍ය බැංකු දෙකේ දැනට දරන තනතුරුවලට හිමි වැටුප් හා අනෙකුත් දීමනා ඇතුළු පහසුකම් ලබාදීමටද තීරණය වී තිබේ.
මේ අතර ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඩී.පී.කේ ගුණසේකර මහතා එහි වැඩ බලන සමාන්‍යාධිකාරී ලෙස පත්කිරීමට ද මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බුද්ධිමත් උගත් නිලධාරීන් අයින් කරලා බැංකු දෙකට මැද මුලන දුශිතයින්ට පන්දම් අල්ලන පිස්සන් දෙන්නෙක් පත්කරන්න යන බව දැන් කව්රුත් දන්නවා.බැංකු දෙකට දෙවියන්ගේම පිහිටයි.