(අජන්ත කුමාර අගලකඩ)
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන සුමිත් චන්දන කුමාර අලහකොන් මහතා පත් කිරීමට යෝජනා වී තිබේ.
දකුණු පළාත් සභාවේ කෘෂිකර්ම හා ගොවිජනසේවා අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන ඔහු වසර 22 ක පමණ සේවා පළපුරුද්දක් ඇති රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ ඒ.එච්.කේ.ජේ චන්ද්‍රසිරි මහතා කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්කිරීමෙන් එම ධූරය පුරප්පාඩු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නිලධාරි මහතට වත් පුළුවන් වේවිද දැන් වසර 10ක පමණ සිට රියදුරු බලපත් මුද්රණදී කරන හොරකම් නවත්වන්න?
දකුණු පලාතේ සිටින අතලොස්සක් වූ අවංක නිලධාරින් අතුරින් අති දක්ෂ, අවංක, කිසිදු වංචා-දූෂණයකට හසු නොවූ අවංක නිලධාරියෙක්. සේවකයන් සමග සුහද ඇසුරක් ඇති ඔහුට සුබ පතමු! නමුත් දකුණු පලාතේ දැනට දරණ තනතුරින් ඉවත් කිරීමේ උපක්‍රමයක් නම් එය අනුමත නොකරමු!
සුමිත් අලහකෝන් මැතිතුමා අති දක්ෂයෙක්..., ඈවර කිරීමට ගිය දෙපාර්තමේන්තු පවා ගොඩගෙන තියෙන පුද්ගලයෙක්. අභියෝග ජයගැනීම සම්බන්ධව හොඳ ඉතිහාසයක් ඇති එතුමා හට මෝටර් රථ දෙපාර්තමේන්තුව ගොඩනැගීමට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා...!!!