(කාංචන කුමාර ආරියදාස)
කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ගලේවෙල ඕමාරගොල්ල පල්ලමදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීමෙන් අද ( 01) දහවල් සිදු වූ අනතුරකින් ප්‍රංශ ජාතික මව, පියා ,පුතා සහ දියණිය රියදුරු සහ මගපෙන්වන්නා තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
ගුවන්තොටුපොළේ සිට සිගිරිය සංචාරක හෝටලයකට ගමන් කරමින් තිබියදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.
අනතුරට පත් විදේශිකයෝ වයස අවුරුදු 54, 56 ,21, 23 පසුවන එකම පවුලේ පිරිසකි
මෙම අනතුරින් වෑන් රථයේ රියදුරාට සහ සංචාරක මග පෙන්වන්නාට බරපතළ තුවාල සිදුවී තිබෙන බවත් ප්‍රංශ ජාතිකයන්ගෙන් මවට පියාට සහ දියණියට දරුණු තුවාල සිදුවී ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය .
විදේශික කණ්ඩායම රැගෙන යමින් තිබූ වෑන් රථය අධික වේගයෙන් පැමිණ මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ කම්බි වැටක කණු හතක් පමණ කඩාගෙනය තේක්ක ගස් දෙකක ගැටි අනතුර සිදුවී තිබේ.
සිද්ධිය පිළිබඳව පොලීසිය පරීක්ෂණ කරයි .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුදායකයි. අපේ රටේ රිය අනතුරුවලින් නම් අඩුවක් නැහැ. ඉගිලෙන්න හදන අය හින්දා සිද්ද වෙන දේවල්...
මේ අවිනීත රියදුරන් නිසා රටට එන සංචාරකයන් ටිකත් නැතිවෙයි මෙහෙම ගියොත්... ලෝකයේ මේ උද්ගතව ඇති තත්වයන් යටතේ මෙහෙම හරි සංචාරකයන් එන එක අගය කරලා ඔවුන්ව හැකි උපරිමයෙන් තෘප්තිමත් කරන එකයි කරන්න ඕනෑ...
එච්චර උගත්කමක් නැති මොඩපහේ තරුණයින් ඉන්නවා.. ටුවරිස්ට්ලා ආවම ඔවුන් ඉම්ප්රේස් කරන්න හිතාගෙන අධික වේගයෙන් යනවා, වෙට්ටු දානවා, තනි අතින් ස්ටියරින් එක අල්ලාගෙන අනිත් අතින් කෝල්ස් ගන්නවා... ස්මාට් ෆෝන් එකේ සර්ච් කිරිල්ලත් කරන අය ඉන්නවා. මේ වගේ අය හිතාඉන්නේ ඒවාට ටුවරිස්ට්ලා ඉම්ප්රෙස් වෙලා අපි ගැන හරි ඉහළින් හිතනවා කියලා වෙන්න ඇති... මේකෙන් රටට හරි හමන් රටකින් එන ටුවරිස්ට්ලාත් ආයේ එන්නේ නැහැ..
ඔමරගොල්ල කියන්නේ අනතුරු බහුල ප්රදේශයක්.. ඔබේ නව යෞවනයේ සිටින නවක පණ්ඩිත රියදුරන්ට කියා දෙන්න...