කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ විසූ 50 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි ඇමෙරිකානු බලධාරීහු ප්‍රකාශ කරති.
මෙය ඇමෙරිකාවේ පළමු කොරෝනා රෝගී මරණය බව වාර්තා වේ.
මේ අතර අද නිව්යෝර්ක් නුවරින් පළමු රෝගියා වාර්තා වූ බව ද බලධාරීහු පවසති. රෝගියා 30 හැවිරිදි කාන්තාවකි.

කොරෝනා රෝගීන් කිහිපදෙනෙකු මිය යාමට ඉඩ ඇති නමුත්, ඇමෙරිකානු ජාතිකයන් බහුතරය බිය නොවිය යුතු බව ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති මයික් පෙන්ස් මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.
නිව්යෝක් විශ්වවිද්‍යාලයේ වෛද්‍යවරුන් සඳහන් කළේ, නිල වශයෙන් තහවුරු කර නොගත් ආසාදිතයන් ගණනක් මේවනවිටත් සිටින බවය.
වොෂින්ටන් නගරවාසීන්ගෙන් 150දෙනෙකු ආසාදිතයන් බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත් අනාවරණය කළේය.
පසුගිය සතියක කාලය තිස්සේ ඇමෙරිකානු බලධාරීන් වයිසරය ව්‍යාප්ත වන බවට දිගින් දිගටම අනතුරු අඟවා තිබූ නමුත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසා සිටියේ, වයිසරය ඇති රටවල සිට පැමිණෙන පිරිස නිවාරණ ක්‍රියාපටිපාටියකට යොමුකර අවශ්‍ය පියවර ගෙන ඇති බැවින් කලබල නොවන ලෙසය.
වොෂින්ටන්හි පිහිටි තාක්ෂණික විද්‍යායතනය අද සහ හෙට යන දෙදින තුළ වසා දැමීමටත් සෞඛ්‍ය පියවර ගැනීමටත් පාලනාධිකාරිය කටයුතු කර ඇත.
වයිරසයෙන් මිය ගිය ගණන මේ වනවිට 3041 දක්වා ඉහළ ගොස් ඇති අතර, 88,443ක් ආසාදිත තත්වයේ පසුවෙති.
(සීඑන්එන් ඇසුරිනි)
16844

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවාරණ වැඩේ සාර්ථක නැහැ. ලංකාවටත් ලගදීම අනිවාර්යයෙන්ම එනවා. කවුරු වූනත් කමක් නැහැ කොරෝනා තියන රට වලින් නිවාඩු වලට ලංකාවට එන එක වහාම නවත්වන්න.
1 නොවේ දැන් 2....
ඇමරිකාවේ කොහෙද සෞඛ්‍යය සේවයක් තියෙන්නේ ? මෙහෙට එව්වානම් හොඳ කරලා යවන්න තිබුනා. පව්...... නිවන් සුව අත්වේවා !