(දසුන් රාජපක්ෂ )
නාවික හමුදාව සහ පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ මෙහෙයුමකදී රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් මත් ද්‍රව්‍ය තොගයක් ගාල්ලේ දී සොයාගෙන තිබේ.
ගාල්ල මුහුදේ තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
මෙලෙස ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත්තේ හෙරොයින් කිලෝ 68ක් සහ ක්‍රිස්ටල් මෙත් (අයිස්) කිලෝ 50 ක් බව ඒ මහතා පැවසීය.
මුහුදේ තිබී සොයාගත් මෙම මත්ද්‍රව්‍ය තොගය අයිති පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනීමට ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව ඉසුරු සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd