( දිල්රුක්ෂි ග්‍රේරු )
රාජ්‍ය සේවකයින්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් ලිපි ගොණු පිළිබඳ සියලු විස්තර අන්තර්ජාලයට එකතුකිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
ඒ පිළිබඳව ඒ සඳහා අමාත්‍යංශ ලේකම්ට උපදෙස් ලබා දී ඇතැයිද හෙතෙම පවසයි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වෙත ලැබෙන බොහෝ ලිපි අතර විශ්‍රාම වැටුප් සකසා ගැනීම වෙනුවෙන් ලිපි ඉදිරිපත් වී ඇති බවත් ඇතැම් පෞද්ගලික ලිපිගොනු වල පවතින අඩුපාඩු හේතුවෙන් එය සකස් කිරීමට ප්‍රමාද වන බවත් අමාත්‍ය වරයා කීවේය.
මෙම ලිපිගොනු හානියක් නොවන අයුරින් තබා ගැනීමට මෙන්ම ඒ සඳහා යන ඉඩ ප්‍රමාණය සහ ලිපි ද්‍රව්‍ය අඩු කිරීමට මෙම ක්‍රමය මගින් හැකි වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම සියලු කටයුතු අරමුණු කරගනිමින් රාජ්‍ය නිලධාරීන්ගේ තොරතුරු අන්තර්ජාලයට එකතුකිරීමට සැකසීම සඳහා අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිලධාරීන්ගේ පුද්ගලික තොරතුරු මොකටද රජයේ නිල වෙබ් අඩවිවල දාන්නේ. වෘත්තිමය තොරතුරුනේ අවශ්‍ය වෙන්නේ. මේක පුද්ගලික ජිවිතයට අනිසි බලපෑම් කිරීමක්.
ඔයිට වැඩිය, සියලුම පොදුජනයා කැමතියි. දියවන්නාවේ ඉන්න 225 නිසි තොරතුරු දැනගන්න. අධ්‍යාපන සුදුසුකම්, ඔතැනට එන්න ඉස්සර වත්කම්, දැනට වත්කම්, වසරින් වසර වැඩිවෙන වත්කම් වගේ දේවල් පළකළොත් මේ රට යන්නේ කොයිබටද කියලා හැමෝටම තේරේවි... ඊට අමතරව පවුලේ අයගේත් තොරතුරුත් ඇතුළත් කළොත් බලාගත හැකිවේවි තම තමන්ගේ කෙරුවාවල්. රාජ්‍ය සේවකයින් කියන කට්ටියට ඔය 225 මත් ඇතුළත් විත්තිය මතක තියාගත්තොත් තමයි හොඳ... ආනේ, අමතක වුණා අර දඹුලු විහාරයේ නින්දගම් ගැනත් තොරතුරු පලකරන්නකෝ...
මීට වැඩිය හොඳ නැද්ද දේශපාලුවන් ගැන තොරතුරු දැම්මා නම්....? දූශිත දේශපාලුවන්, කිසිම උගත්කමක්, සුදුසුකමක්, චාරයක් නැති, බලලෝභී බඩගෝස්තරවාදීන්...
පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට දමන්න හැදුවොත් වැඩ වර්ජන කෙළවරක් නැතිවේවි....
මේ මොන පිස්සුවක්ද? පෞද්ගලික තොරතුරු කියන වචනයේ තේරුමවත් දන්නේ නැති මෙවන් ඇමතිවරු පාර්ලිමේන්තු යවන රජයේ සේවකයින්ටයි මඩු වලිගෙන් තලන්න ඕනේ. රජයේ සේවකයෙක්ගේ පෞද්ගලික ලිපි ගොනුවක් කියන්නේ රහස් ලිපිගොනුවක්... ඒක ඒ විදිහට තියාගන්නේ සේවකයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න. රජයේ සේවකයින්ගේ පෞද්ගලික ලිපිගොනු බලන්න පුළුවන් ආයතනයේ ප්‍රධානියාට විතරයි. ඒකත් ඉල්ලුවොත් ඒ ලිපිගොනු බාර නිලධාරියා තමන්ගේ අතින්ම තමයි ආයතන ප්‍රධානියාට ගෙනත් දෙන්නේ පියන් කෙනෙක් අතේවත් යවන්නේ නැහැ. ඒ තරම් දුරට සේවකයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරනවා. කෝ මේ වෘත්තීය සමිති නායකයෝ? මුඛ වාඩම් දාගෙනද මේවට කතා කරන්නේ නැත්තේ? මිනිස්සුන්ගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කරන පනතක් ගේන්නේ නැතුව රියදුරු බලපත්‍රයේ සිට හැඳුනුම්පත දක්වා සියලු තොරතුරු එක තැනකට ගේන්න හදනවා. මෙහෙම කරන්නේ විදේශ රටවලට බහු ජාතික සමාගම් වලට සන්නිවේදන ආයතන වලට මේ පෞද්ගලික තොරතුරු විකුණලා බිලියන් ගණන් හම්බ කරන්න. මිනිස්සුන්ගෙන් පෞද්ගලික නිදහස රැක ගැනීම වෙනුවෙන් මිනිස්සුට දැන් වහල් ආණ්ඩුව කාලෙටත් වඩා සටන් කරන්න වෙලානේ.
හරක් ගොඩේ අසවල් අය ඉන්නවද?