(අජන්ත කුමාර අගලකඩ)
රජයේ පාසල්වල අ.පො.ස. උසස් පෙළ සිසුන්ට බෙදාදීම සඳහා ඇණවුම් කර නිෂ්පාදනය කර ඇති ටැබ් පරිගණක 96916ක් උසස්පෙළ සිසුන්ට ලබාදීම වෙනුවට , අඩු පහසුකම් සහිත පාසල් 1346කට බෙදා දෙන්නැයි, මේ සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ විශේෂඥ කමිටුව නිර්දේශ කරඇත.
ඉකුත් ආණ්ඩුවේ ප්‍රමුඛතම ව්‍යාපෘතියක් වූ උසස්පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයාබැලීමට නීතිපතිවරයාගේ උපදෙස් මත අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා විසින් විශේෂ කමිටුවක් පත්කරනු ලැබීය.
එම කමිටුව සිය වාර්තාව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත බාරදෙමින් මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
ටැබ් පරිගණක 96916ක් පළමු අදියර යටතේ නිෂ්පාදනය කරඇති බැවින් ඒවා අවස්ථා 3කදී මිලටගෙන අඩු පහසුකම් සහිත පාසල් වලට ලබාදෙන ලෙසත්, ටැබ් පරිගණක වැඩ සටහනේ 2වන හා 3වන අදියර ක්‍රියාත්මක නොකරන ලෙසත් විශේෂඥ කමිටුව සිය වාර්තාවෙන් නිර්දේශ කර ඇත.
එම පාසල් සියලු පළාත් නියෝජනය වන පරිදි පළාත් මට්ටමින් තෝරාගන්නා ලෙසත් ඒවා භාවිතය සහ ඉගැන්වීමේ ක්‍රියාවලිය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අධීක්ෂණය කරන ලෙසත් කමිටුව නිර්දේශ කර තිබේ.
එම නිර්දේශක ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීමටද නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකත් හරියට "හෝ ගානා පොකුණ" සිනමා පටයේ වගේ තමයි. පාසල් ගොඩනැගිලි, ඩෙස් පුටු, පානීය ජලය, ක්‍රීඩා පහසුකම් නැති පාසල් කොපමණ නම් මේ රටේ තියනවද? හරියට කන්න කෑමවේලක් නැති පාසල් දරුවන් කොපමණ නම් ඉන්නවද? ඒ සියල්ල පසෙකලා ඔවුන්ට ටැබ් ලබාදීම කොතරම් නම් ප්‍රායෝගිකද..? මහත්වරුනි, නගරයේ සිටින ඔබ ඔබලාගේ කාර්යාල වලින් මඳක් එළියට ඇවිත් රටේ ග්‍රාමීය ප්‍රදේශවල සැරිසරන්න. ඔබලාට සියැසින්ම දැකබලා ගන්න පුළුවන් වෙයි යථාර්තය.. ඊට පසුවත් ඔබලාට හිතෙනවා නම් නෑ.. ටැබ් පරිගණකම තමයි දෙන්න ඕනෑකියලා... ලබාදෙන්න. නමුත් ඔබලා සැබෑ "මිනිසුන්" නම් ඒ දකින දසුන්වලින් ඔබලාගේ ඔය තීරණය වෙනස් කරනවා සිකුරුයි. අත්දැකීමෙන්මයි කියන්නේ.
සමන්ත කලකදී රහලු... කලකදී වහ වෙනවාලු. MCC එදා හොඳ නෑ. දැන් හොඳයි. ටැබ් එදා හොඳ නෑ. දැන් හොඳයි. මිල සුත්‍රය එදා හොඳ නෑ. දැන් හොඳයි. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එදා හොඳ නෑ. අද හොඳයි. විල්පත්තුවේ කැලෑ කැපීම එදා හොඳ නෑ, අද හොඳයි. මේවා දෙයියෝම බලාගන්න ඕනේ...
කලකදී රහලු, කලකදී වහ වෙනවලු. MCC එදා හොඳ නෑ. දැන් හොඳයි. ටැබ් එදා හොඳ නෑ දැන් හොඳයි. මිල සූත්‍රය එදා හොඳ නෑ. දැන් හොඳයි. ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එදා හොඳ නෑ.., අද හොඳයි. විල්පත්තුවේ කැලෑකැපීම එදා හොඳ නෑ. අද හොඳයි. මේවා දෙයියන්ම බලාගන්න ඕනේ...
කලින් ආණ්ඩුවෙන් ටැබ් දෙන්න හැදුනම කට්ටියක් මැරෙන්න හැදුව, අඩු පහසුකම් තියෙන ටොයිලට් නැති විදුලිය නැති පාසල් තියෙද්දී මොන ටැබ්ද කියලා අහපු සෙට් එකකුත් හිටියා, දැන් අඩු පහසුකම් තියෙන පාසල් වලට ටැබ් දෙන්න හදනවා? දැන් ටොයිලට් නැති විදුලිය නැති ඒවා අවුලක් නැද්ද?
අඩුපාඩුව ටැබ් විතරද ජලය විදුලිය වැසිකිලි එහෙම තියෙනවා ඇති නේද.?
චන්දෙයක් ලං වුනාම ජනතාවට ලැබෙන දීමනා වැඩියි. ඒ ඡන්දෙ 2/3 ලබාගෙන දිනන්න ඕනා වුනාම දීමනා ලැබෙන්නේ.