කෝටි 5 ක කේරළගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට කිලිනොච්චිය සිට මන්නාරමට ටිපර් රථයක සඟවා රැගෙනයාමට සූදානම් කොට තිබූ රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමින්යුත් කේරළ ගංජා කිලෝ 320 සමඟ පුද්ගලයකු කිලිනොච්චිය ,ජයපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 01 March 2020
අන්තරේ කැඳවුම්කරු ඇතුළු සිසුන් 22 දෙදෙනකු අත්අඩංගුවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි ඇතුළු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් 22 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසයි. 01 March 2020
බොරැල්ල-මරදාන රථ වාහන තදබදයක් මරදාන, බොරැල්ල අවට මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක් පවතී. 01 March 2020
නීතිවිරෝධීව දුම්වැටි ගෙන ආ දෙදෙනෙකු අත්අඩංගුවට විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික සහ ඉන්දීය ගුවන් මගීන් දෙදෙනෙකු 2/29 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 29 February 2020
තැපැල් කාර්යාලයක සොරකමක් දර්ගා නගරයේ තැපැල් කාර්යාලය අද (29) කිසියම් පුද්ගලයකු විසින් එහි ජනේලයක් බිඳ ඇතුලු වී කාර්යාලයේ ලාච්චුවක තිබී රුපියල් තිස් දහසක (රු.30000/-) මුදල් සහ රුපියල් 20,000ක් වටිනා තැපැල් මුද්දර සොරකම් කර ගෙන ගොස් ඇතැයි තැපැල් ස්ථානාධිපතිවරයා අලුත්ගම පොලීසියට පැමිණිලි කර තිබෙන බව කියයි. 29 February 2020
කලුතර ජලටැංකිවල ඇති පානීය ජලයේ මඩ කලුතර දිස්ත්‍රික්කයේ බේරුවල කලුතර පානදුර සහ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පානීය ජල ගැටලුවට මුහුණ දෙන ලක්ෂයකට අධික ජල පාරිභෝගිකයන්ට පානීය ජලය රජය මගින් ලබා දීමට කටයුතු කරන බව ප්‍රකාශ කරයි. 29 February 2020
කොරෝනා වෛරසය පැතිරීමේ ඉහළ අවදානමක් කොරෝනා වෛරසය පැතිරීමේ හා බලපෑමේ අවදානම ගෝලීයව ඉතා ඉහළ මට්ටමක පවතින අතර එය අනතුරු ඇඟවීමේ ඉහළම මට්ටමට ලඟාවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි. 29 February 2020
අත්අඩංගුවට ගත්තේ දේශපාලන පළිගැනිමක් නිසායි තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගත්තේ දේශපාලන පළිගැනිමක ප්‍රතිඵලයක් වශයෙන් බව රියර් අද්මිරාල් ඩී කේ පී දසනායක මහතා දේශපාලන පලි ගැනීම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් අද (28) ප්‍රකාශ කළේය. 28 February 2020
ජමෙයිතුල් උලමා ලියාපදිංචි නොකළ සංවිධානයක් ජමෙයිතුල් උලමා සංවිධානය නීතිමය රාමුවක් යටතේ ලියාපදිංචි නොකළ සංවිධානයක් බව හිටපු අධිකරණ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි ලබා දෙමින් අද (28) ප්‍රකාශ කළේය. 28 February 2020
කොරෝනා වයිරසයෙන් 2,800ක් ජීවිතක්ෂයට කොරෝනා වයිරසයෙන් 2,800දෙනෙකු මිය ගොස් ඇති බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි. 28 February 2020
ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මාර්තු 06 තෙක් දීර්ඝ කරයි දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය මාර්තු මස 06 වැනිදා දක්වා දීර්ඝ කරතිබේ. 28 February 2020
ලක්ෂ 150 ක හෙරොයින් බෙදා හැරි දෙදෙනෙකු අත්අඩංගුවට ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි රුපියල් ලක්ෂ 150 ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයන් දෙදෙනකු අද (28) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 28 February 2020
‘මගේ කාලය වැය කිරිමට සිදුව ඇත්තේ උද්ඝෝෂණ ප්‍රශ්න විසඳීමටයි’ ජාතික ප්‍රතිපත්තිවලට හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කෙරෙහි අවධානය යොමු කිරිමට තමාට තිබෙන කාලය අද බොහෝ විට වැය කිරිමට සිදුව ඇත්තේ උද්ඝෝෂණවල ප්‍රශ්න විසඳීමට යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේ අද (28) පැවති උත්සවයකදී පැවසීය. 28 February 2020
සජින් වාස් බන්ධනාගර ‘එම්’ සිරවාට්ටුවට රිමාන්ඩ් බාරයට පත්කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ‘එම්’ සිරවාට්ටුවට ඇතුළත් කර ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 28 February 2020
ගලගොඩඅත්තේ හිමිට - බොදු බල සේනාවට නෝර්වේ ආධාර දුන්නා ශ්‍රී ලංකාව තුළ බෞද්ධ අන්තවාදය ක්‍රියාත්මක කරවීම උදෙසා නෝර්වේ රාජ්‍යය, ගලගොඩඅත්තේ ඥනසාර හිමි ප්රමුඛ බොදු බල සේනා සංවිධානයට මුදල් ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (28) පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේය. 28 February 2020
මත්තලට-රත්මලානට ගුවන් සමාගම් ආකර්ෂණය කරගැනීමේ සහන පැකේජයක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගුවන් සමාගම් ආකර්ෂණය කරගැනීම සඳහා සහන පැකේජයක් ලබාදීමට රජය තීරණය කර තිබේ. 28 February 2020
ජලයට විසක් එක්වී යැයි ගිරිඋල්ලේ පාසලක් වහයි ගිරිඋල්ල අධ්‍යාපන කළාපයට අයත් වඩුමුන්නේගෙදර ප්‍රාථමික විද්‍යාලයේ පිහිටි ළිඳට සැකකටයුතු විස ද්‍රාවණයක් එකතුවී ඇතැයි සැකයක් මත පාසල අද (28) වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් කටයුතුකර ඇත. 28 February 2020
සීසීටීවී කැමරා ගැලවූ හිමිනම ඇතුළු සිසුහු සිව්දෙනා රිමාන්ඩ් කැලණිය සරසවියේ සීසීටීවී කැමරා පද්ධතිය ගලවා ඉවත් කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිමිනමක ඇතුළු සරසවි සිසුන් සිව්දෙනකු ලබන 3 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහර මහේස්ත්‍රාත් රුවන් පතිරණ මහතා අද(28) නියම කළේය. 28 February 2020
හැරී-මේඝන්ට ආරක්ෂාව සැපයීම ඉක්මණින් නවත්වන බව කැනඩා රජය කියයි හැරී කුමරුට සහ මේඝන් කුමරියට ආරක්ෂාව සැපයීම ඉතා ඉක්මණින් නවත්වන බව කැනඩා රජය තහවුරු කර තිබේ. 28 February 2020
සීසීටීවී කැමරා ගැලවූ සිසුන්ට වසර දෙකක පන්ති තහනමක් කැලණිය විශ්වවිද්‍යාලයේ සී.සී.ටී.වී ආරක්ෂක කැමරා ගැලැවීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් 25දෙනාට වසර දෙකක පන්ති තහනමක් පනවා තිබේ. 28 February 2020
වෝඩ් පෙදෙස අවහිර වෙයි විරෝධතාවක් හේතුවෙන් කොළඹ ඩෝඩ් පෙදෙස ඇතුලු මාර්ග කිහිපයක් රථ වාහන තදබදයක් පවතී. 28 February 2020
රිෂාඩ්ගේ බිරිඳගේ-සොහොයුරාගේ ගිණුම් පරීක්ෂා කර වාර්තාවක් දෙන්නැයි නියෝග හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ බිරිදගේ සහ ඔහුගේ සොහොයුරාගේ බැංකු ගිණුම් පරීක්ෂා කර වාර්තාවක් කැඳවීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (28) නියෝග කළේය. 28 February 2020
ලොකු ලුනූ සඳහා රුපියල් 80ක අවම සහතික මිලක් ලොකු ලුනූ සඳහා දැනට පවතින අවම සහතික මිල රුපියල් 20කින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. 28 February 2020
ප්‍රා.සබේ මන්ත්‍රී පැදවූ රිය අනතුරකට ලක්වී අයෙක් මරුට බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී උදුල විශ්වජිත් මහතා පදවාගෙන ගිය ලොරි රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම පිවිසුම ආසන්නයේ දී අද (28) උදෑසන ආරක්ෂක වැටේ හැපී අනතුරට ලක්වීමෙන් එහි සිටි එක් අයෙකු මියගොස් තිබේ. 28 February 2020
එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවයි සහස්ර අභියෝගතා සංස්ථාව හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 28 February 2020
වීරකැටියේ මව්පියවරු ප්‍රධාන මාර්ගය වසා විරෝධතාවක වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් 14දෙනකු ඇතුළත් කර නොගත්තැයි මව්පියවරු පිරිසක් විරකැටිය - තංගල්ල ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් අද(28)විරෝධතාවයේ නිරත වූහ. 28 February 2020
ඉරානයේ උප ජනාධිපතිනියටත් කොරෝනා ඉරානයේ කාන්තා හා පවුල් කටයුතු පිළිබඳ උප ජනාධිපතිනියට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි. 28 February 2020
‘‘මානව හිමිකම් ගැන ලක්රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ කනගාටු වෙනවා‘‘ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ඉදිරියට ගෙන යෑම පිළිබඳ යෝජනාවෙන් වෙනස් ප්‍රවේශයක් ගැනීමට ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය අද (27) ප්‍රකාශ කළාය. 27 February 2020
‘‘මානව හිමිකම් කවුන්සිලය සමඟ සමීපව කටයුතු කරනවා‘‘ තිරසර සංවර්ධනය, සාමය, සංහිඳියාව උදා කරගැනීම සඳහා ජාතික ප්‍රතිපත්ති රාමුවක් යටතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය සහ ඇගේ කාර්යාලය සමඟ සමීපව කටයුතු කරන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (27) පැවැසීය. 27 February 2020
ගාල්ලේ පාසල්වල ඉංග්‍රීසි ගුරු හිඟය විසඳන්නැයි ජනපතිගෙන් උපදෙස් ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසල්වල පවතින ඉංග්‍රීසි ගුරු හිඟය විසඳන්නැයි ද ගණිත හා විද්‍යා විෂය ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරු බඳවාගන්නා ක්‍රමවේද විධිමත් කරන්නැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගාල්ලේදී අද (27) නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 27 February 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026