( ඉන්දිකා රාමනායක )
විරෝධතාවක් හේතුවෙන් කොළඹ ඩෝඩ් පෙදෙස ඇතුලු මාර්ග කිහිපයක් රථ වාහන තදබදයක් පවතී.
ඊ.ටි.අයි තැන්පත්කරුවෝ ඊ.ටී.අයි ප්‍රධාන කාර්යාලය අසළ උද්ඝෝෂණයක නියැලීම හේතුවෙන් මෙලෙස මාර්ග තදබදය හටගෙන තිබේ.
උද්ඝෝෂකයෝ 500 ක් පමණ එහි රැස්ව විරෝධතාවයේ නියැලෙති.


(ඡායාරූප ගයාන් අමරසේකර )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම පව් මේ මිනිසුන්... අසරණ වෙලා... කව්රුත් මේ ප්රශ්නය විසඳන්නේ නැති හැටි. මමත් ඔය වගේ වලක වැටිලා හරි අමාරුවෙන් ගොඩ ආවේ. ඒ දවස්වල කේන්තියටම දත්මිටි කාලා මගේ දත් කැඩුණා.
පුද්ගලික මුල්‍ය ආයතනවල මුදල් තැන්පත් කරන්නේ වැඩි ප්‍රතිලාබ බලාගෙන ඒ සමාගම් කඩාවැටෙනකොට පාඩුවත් ගනුදෙනුකරුවන් දරාගත යුතුය. මේවා කිසිම ආකාරයකින් රජයේ මුදල් වලින් නොගෙවිය යුතුයි. මොකද ඒක බදු ගෙවන ජනතාවට කරන අසාධාරනයක් ඒ වගේම මේ සදහා කල යත්තේ අදාල ආයතනයේ කළමනාකරුවන්ගේ නිවෙස්වල මිස මහ පාරේ නොවෙයි .
තමන් හරි හම්බකරගත් මුදල් අහිමි වනවිට ඇතිවෙන්නේ ලොකු වේදනාවක්. නමුත් පුද්ගලික ආයතනවල මුදල් තැන්පත් කිරීම අවදානම්... අවදානම් කියන්නේ ගැටළුවක් නැත්නම් තැන්පතු මුදල පොලියත් සමග ඕනෑම වේලාවක ලැබෙන්නත් පුළුවන්. ව්‍යාපාරය බිඳවැටීම නිසා එසේ නොලැබෙන්නත් පුළුවන්. මේ අය පත් වී සිටින්නේ ව්‍යාපාරය බිඳ වැටීම නිසා තැන්පත් මුදල් ලබාගැනීමට අසීරු අවස්ථාවට. මේ ආයතනවල ඉතිරිකරන මුදල්වල ට රජයේ සුරක්ෂිතතාවක් ලැබෙන්නේ නැහැ. අඩු පොලියක් ගෙව්වත් බදු අයකළත් අවම වශයෙන් තැන්පත් මුදලේ සුරක්ෂිතතාව තිබෙන්නේ රජයේ සහ පුද්ගලික බැංකුවල පමණි. මූල්‍ය සමාගම්වල මුදල් තැන්පත් කිරීමේදී එම ආයතනවල ලාභදායීත්වය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව තන්පතුකරුට පූර්ණ අවධානයකින් සිටීමට සිදුවනු ඇත. තැන්පතුකරුවන්ට එම කරුණ පිළිබඳව නිසි අවබෝධයක් නැතිව වැඩි පොලියක් ගෙවූ පමණින් මුදල් තැන්පත් කිරීමෙන් මෙවැනි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවේ.