(ඩයනා උදයංගනී)
මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගුවන් සමාගම් ආකර්ෂණය කරගැනීම සඳහා සහන පැකේජයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි අන්තර්ජාතික නිත්‍ය කාලසටහන්ගත ගුවන් ගමන් මෙහෙයුම් නැවත ආරම්භ කිරීම සහ ත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි කලාපීය මෙහෙයුම් ආරම්භ කිරීමේ අරමුණින් මෙම පියවර ගැනීමට නියමිතය.
ඒ අනුව ගුවන්තොටුපල අපගමන බද්ධ වන ඇමෙරිකානු ඩොලර් 60ක මුදල මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල සඳහා වසර දෙකක කාලයක් සඳහා අය නොකර සිටීම, රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපල මගින් වසරක කාලයකට එම බද්දෙන් සියයට 50ක් පමණක් අයකිරීම ආදී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
මීට අමතරව මත්තල ගුවන් තොටුපලෙන් පිටවන සංක්‍රමණික සේවකයන් සඳහා වන ගාස්තු වෙනුවෙන් වට්ටමක් ලබාදීම, බිම් මෙහෙවර ගාස්තු සඳහා වට්ටම් අනුපාතයක් දීම හා ගුවන් තොටුපල දෙකෙහිම සහනදායී මිලකට ඉන්ධන ලබාදීමත්, ප්‍රවර්ධන දිරිගැන්වීමක් ලෙස ගොඩබෑමේ සහ ගුවන්යානා නතර කර තැබීමේ ගාස්තු අත්හැර දැමීම ආදී සහන ලබාදීම ද මේ යටතේ සිදුකෙරේ.
සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහන පැකේජ දීලා තමයි අලුත් දෙයක් ජනතාව අතරට යවන්න පුළුවන් පුරුදු වුණාම අපි පොලිත් එක්ක ඒවා අයකර ගමු. සිගරට් ජනතාවට පුරුදු කළෙත් ජනතාවට නොමිලේ දීලා කියලා පැරණි මිනිසුන් කියනවා මම අහලා තිබෙනවා.
මත්තල සිට මගින් 30 - 100 අතර ගෙනයන්න පුළුවන්... කුඩා ගුවන්යානා උපයෝගී කරගෙන, යාපනයට සහ ඉන්දියාවේ සංචාරක මරමස්ථාන වන ගෝවේ, ත්රිවන්ද්රම් වැනි ගමන්වලට ගුවන් පහසුකම් සැපයූවොත් සමහර විට ඉල්ලුමක් තිබේවි..., මත්තල සිට කටුනායකට සහ රත්මලානට බොහෝදුරට කවුරුවත් ගුවන් යානයකින් යන එකක් නැහැ. දැන් අධිවේගී මාර්ගය භාවිතා කර, පැය 2 1/2ක් තුළ හම්බන්තොට සිට කටුනායකට සහ රත්මලානට පහසුවෙන් යන්න පුළුවන්...