වීසා නොමැති පාකිස්ථානු ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට විදේශීය ගමන් බලපත්‍ර සහ වීසා නොමතිව ශ්‍රී ලංකාවේ සැරිසරමින් සිටි පාකිස්ථානු ජාතිකයන් දෙදෙනෙකු අද (26) ඇල්ල නගරයේදී අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය පැවසීය. 26 February 2020
දිස්ත්‍රික්ක 4ක මන්ත්‍රී ආසන සංඛ්‍යාව සංශෝධනයට පියවර මෙවර මහ මැතිවරණයේදී දිස්ත්‍රික්ක 4ක පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව සංශෝධනය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 26 February 2020
අවුරුදු 20 ඉක්මවා පැවිදිවූ භික්ෂූන්ට තෙදින පුහුණුවක් වසය අවුරුදු 20 ඉක්මවීමෙන් පසු පැවිදි බවට පත් භික්ෂූන් වහන්සේලාට තෙදින පුහුණු වැඩසටහනක් පෙබරවාරි මාසයේ 28 දින පැල්මඩුල්ල පාතකඩ භික්ෂූ පුහුණු මධ්‍යස්ථානයේ දී ආරම්භ කිරීමට නියමිතය. 26 February 2020
හෙට ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළට දිවයිනේ ඇතැම් ප්‍රදේශයන්හි උෂ්ණත්වය හෙට (27) දිනයේදී ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 February 2020
වයිරසයෙන් 2,715ක් මිය ගිහින්- 78,000ක් ආසාදිතයි කොරෝනා වයිරසයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 2715 දක්වා ඉහළ ගොස් ඇත. 26 February 2020
ඇමෙරිකානු පුරවැසිකම් අත්හරින්නැයි ජවිපෙන් ඉල්ලීමක් ආණ්ඩුවේ ප්‍රධානීන් හා ඔවුන්ගේ පවුල්වල උදවිය ඇමෙරිකානු පුරවැසිකම් අත්හැර ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් ඇමෙරිකාවට උපරිම විරෝධය දක්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටින්නේ යැයි එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද(26) පැවැසීය. 26 February 2020
විනිසුරුවරුන්ට බලපෑම් කිරිමේ සිද්ධියට රන්ජන්ට ඇප රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රන්ජන් රාමනායක මහතාට ඇප ලබාදෙන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අද (26) නියෝග කළේය. 26 February 2020
උදයංග වීරතුංග 11 තෙක් රිමාන්ඩ් මිග් යානා ගනුදෙනු සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ලබන 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (26) නියෝග කළේය. 26 February 2020
එ.ජා. මානව හිමිකම් සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත්වෙයි ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාවෙන් ශ්‍රී ලංකාව සම අනුග්‍රහය ඉවත් කරගන්නා බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අද (26) නිල වශයෙන් දැනුම් දුන්නේය. 26 February 2020
බැසිල්ගේ දිවිනැඟුම නඩුවේ සාක්කි විභාගය අගෝ.6 අරඹයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්ෂක ජනරාල්වරයාට එරෙහි නඩුවේ සාක්කි විභාගය ලබන අගොස්තු 6 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද (26) නියම කළේය. 26 February 2020
ගුරු- විදුහල්පතිවරු අඛණ්ඩ වර්ජනයකට සූදානම් වෙති අද වැඩ වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වු බවද තවමත් ගුරු විදුහල්පති ගැටලුවලට විසඳුම් නොලැබීම නිසා මාර්තු 16 වැනිදා සිට දින පහක අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තිරණය කළ බවද ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අද (26) පැවසීය. 26 February 2020
රන්ජන්ට එරෙහි නඩුවේ වාචික දේශන සඳහා දිනයක් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පළමු වැනි චෝදනා පත්‍රයට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීම මැයි මස 29 වැනිදා තෙක් කල් තැබූ ශ්‍රේෂ්ඨාධිකරණය මේ වනවිට වෙනත් කරුණකට රිමාන්ඩ් භාරයේ පසුවන වගඋත්තරකාර රංජන් රාමනායක මහතා එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කරන ලදී. 26 February 2020
පැලවත්ත-කොට්ටාව මාර්ගය අවහිර වෙයි ගුරු-විදුහල්පති උද්ඝෝෂණයක් හේතුවෙන් පැලවත්ත-කොට්ටාව (174) බස් මාර්ගයේ එක්මං තීරුවක් මුළුමනින්ම වසා දමා ඇතැයි පොලීසිය කියයි. 26 February 2020
කොරියාවේ ඇමෙරිකානු සොල්දාදුවෙකුටත් කොරෝනා ආසාදනය වෙයි දකුණු කොරියාවේ රැඳී සිටින ඇමෙරිකානු සොල්දාදුවකුට ද නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඇමෙරිකානු අණදෙන නිලධාරීහු අද (26) ප්‍රකාශ කළහ. 26 February 2020
කෝටි 130 ක සන්නිවේදන උපකරණ මිලදී ගැනීම ගැන සීඅයිඩීයෙන් පරීක්ෂණයක් නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර 2016 සහ 2017 වසරවලදී රුපියල් කෝටි 130ක් වටිනා සන්නිවේදන උපකරණ තොගයක් මිලදීගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. 26 February 2020
දිනේෂ් ගුණවර්ධන ජීනිවා නුවරට ළඟාවෙයි මානව හිමිකම් කවුන්සිලයේ 43වැනි සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙන විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (25) පස්වරුවේ ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවරට ළඟාවිය. 25 February 2020
නාගරික සංවර්ධන අධිකාරියට වාහන 28 ක් ගන්න කැබිනට් අනුමැතිය නාගරික සංවර්ධන අධිකාරිය සඳහා කල්බදු පදනම යටතේ වාහන 28 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත. 25 February 2020
ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ඇතැයි එස්එම්එස් පණිවිඩයක් දුන් ඉන්දියානුවා අත්අඩංගුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වෙත එස්.එම්.එස් පණිවිඩයක් යොමු කළ ඉන්දියන් ජාතික මර්සියෙල් තෝමස් නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියකු අද (25) පැවසීය. 25 February 2020
බැංකු කාඩ්පතකින් ලක්ෂ 28 ක් සොරාගත් අයෙක් රිමාන්ඩ් කාන්තාවකගේ බැංකු කාඩ්පතක් වංචා සහගත ලෙස ලබාගෙන පෞද්ගලික බැංකුවකින් රුපියල් ලක්ෂ විසිඅටක මුදලක් ලබාගත් සැකකරුවෙක් මාර්තු මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද (25) නියෝග කළේය. 25 February 2020
මෙගාවොට් 128 ක විදුලිය මිලට ගැනීමට තීරණයක් පවතින දැඩි වියළි කාලගුණික තත්වය හමුවේ විසන්ධි කිරිමකින් තොරව අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා මෙගාවොට් 128 ක විදුලිය කඩිනමින් මිලදී ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත. 25 February 2020
ගුරු - විදුහල්පතිවරු හෙට ලෙඩ නිවාඩු ගුරු - විදුහල්පති අතුරු වැටුප් චක්‍රලේඛය නිකුත් කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මූලික කරගනිමින් ගුරු විදුහල්පති සංගම් 30 ක් හෙට (26) දීපව්‍යාප්තව ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කර තිබේ. 25 February 2020
ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැතිටත් කොරෝනා ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ප්‍රංශ පුවත් සේවය අද (25) පුවත් සේවය කළේය. 25 February 2020
ඩී.කේ.පී. දසනායක ජනාධිපති කොමිසන් සභාව හමුවේ සාක්කි දෙයි සුදුවෑන් වලින් පුද්ගලයන් අතුරුදන් කරවීම සහ තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධීන් සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා සහ හිටපු නාවික හමුදාපතිවරයකු වූ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන් වැරදිකරුවන් කර සිරබාරයට ගැනීම සඳහා බලහත්කාරයෙන් තමාගෙන් ප්‍රකාශ ලබාගැනීමට යහපාලන ආණ්ඩුව උත්සහ කළ බව රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාව වෙත සාක්කි ලබාදෙමින් අද (25) ප්‍රකා 25 February 2020
උපාධිධාරීන් - ඩිප්ලෝමාධාරීන් 50,000 කට පත්වීම් ලිපි උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 50,000 ක් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ රජයේ රැකියාවලට බඳවා ගනු ලබන අභ්‍යාසලාභීන්ට පත්වීම් ලිපි නිකුත් කිරීම රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අධීක්ෂණය මත එක් එක් දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සිදුකෙරෙනු ඇත. 25 February 2020
ළමා ලිංගික අපයෝජන වීඩියෝව ගැන හෝඩුවාවක් සමාජ මාධ්‍ය ජාලාවල දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති කුඩා දැරියක ලිංගික අපයෝජනයකට ලක්කිරීමේ දර්ශන ඇතුළත් වීඩියෝව ඊට මුදා හළ මූලාශ්‍ර ගැන හෝඩුවාවක් ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවැසීය. 25 February 2020
නොරොච්චෝලේ අක්‍රීය වී තිබූ යන්ත්‍රය පිළිසකර කෙරේ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් අක්‍රීය වී තිබූ නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ විදුලි උත්පාදන යන්ත්‍රය අලුත් වැඩියා කර අද (25) යළිත් විදුලි උත්පාදන කටයුතු සඳහා යෙදවූ බව එම විදුලි බලාගාරයේ නිලධාරියෙක් පැවසීය. 25 February 2020
‘රජයේ පාසල්වල පළමු වාර විභාගය ලබන වසරේ සිට නෑ’ ලබන වසරේ සිට රජයේ පාසල්වල පළමු වාර විභාගය නොපැවැත්වීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 25 February 2020
සජිත් පිල සමගි ජනබලවේගයෙන් මහ මැතිවරණයට සමගි ජනබලවේගය නමින් සියලු සන්ධාන නායකයින්ගේ ආශිර්වාද යටතේ සජිත් ප්‍රේමදාස ප්රමුඛ සියළු සන්ධාන නායකයින් මහ මැතිවරණයට එළඹීමට තීරණය කර තිබේ. 25 February 2020
මහ බැංකු ගොඩනැගිල්ලෙන් වැටී සිසුවෙක් මිය යයි කොළඹ කොටුව පිහිටි මහ බැංකු මූලස්ථාන ගොඩනැගිල්ලේ ඉහළ මහළින් වැටී 16 හැවිරිදි පාසල් සිසුවකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 25 February 2020
බෙනින් රාජ්‍යයේ මගියෙකු කටුනායකදී ආපසු හරවා යවයි ශ්‍රී ලංකාව තුළ සංචාරය කිරීමේ නිශ්චිත සංචාරක සැළැස්මක් සහ එම සංචාරයෙන් පසු ආපසු පිටව යෑම සඳහා ගුවන් ප්‍රවේශ පත්‍රයක් නොමැතිව, ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කළ බෙනින් රාජ්‍යයේ ගුවන් මගියෙකු අද (25) ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු යැවීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණි. 25 February 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026