(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාව තුළ සංචාරය කිරීමේ නිශ්චිත සංචාරක සැළැස්මක් සහ එම සංචාරයෙන් පසු ආපසු පිටව යෑම සඳහා ගුවන් ප්‍රවේශ පත්‍රයක් නොමැතිව, ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කළ බෙනින් රාජ්‍යයේ ගුවන් මගියෙකු අද (25) ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු යැවීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණි.
මොහු 41 හැවිරිදි වියේ පසුවන්නෙකු වන අතර බෙනින් රාජ්‍යයේ සුවඳ විලවුන් අලෙවිකරන්නෙකි.
ඔහු දකුණු අප්‍රිකානු රාජ්‍යයක් වන බෙනින් සිට නයිජීරියාවට පැමිණ, එතැන් සිට කටාර් රාජ්‍යයට පැමිණ තිබේ. ඉන්පසුව ඔහු අද(25) දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මොහු ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණෙන බව ප්‍රකාශ කළ ද, ඒ සඳහා නිශ්චිත සංචාරක සැළැස්මක් ඔහු සතුව නොවීය. එමෙන්ම ඔහු ශ්‍රී ලංකාවේ ගත කරන කාලය තුළ, ඔහු නවාතැන් ගැනීමට නියමිත හෝටල් සදහා ඇනවුම් කිරීමක් හෝ වෙන්කිරීමක් නොකළ අතර, එක් හෝටලයක් පමණක් සඳහන් කර තිබුණි.
එසේම මෙම සංචාරයෙන් අනතුරුව, ඔහුට ආපසු පිටත්ව යෑම සදහා ගුවන් ප්‍රවේශ පත්‍රයක් ද නොවීම ද ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අවධානයට ලක් විය.
මීට පෙර මේ ආකාරයට නිශ්චිත සංචාරක සැලසුම් නොමැතිව, ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන බව හඟවමින් පැමිණි බොහෝ අප්‍රිකානු ජාතිකයන් ක්‍රෙඩිට් කාඩ් පත් වංචා, මුදල් වංචා වැනි නීතිවිරෝධී කටයුතුවල නියැලී, දැනට මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා සිටිති.
ඒ අනුව මෙම බෙනින් ජාතික ගුවන්ජ්බ්ල්බ් ද, නීත්‍යානුකූලව මෙරට සංචාරය කිරීමට පැමිණි අයෙකු නොවන බව තහවුරු වීමෙන් පසු, ඔහු පැමිණි ගුවන් යානයෙන්ම, එනම් කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. - 665 දරන ගුවන් යානයෙන් උදෑසන 10.50 ට යළිත් ආපසු දෝහා බලා පිටුවහල් කිරීමට ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණි.
කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන සහකාර පාලක සුජීව රත්නායක මහතාගේ උපදෙස් මත , ප්‍රධාන ආගමන විගමන නිලධාරී ඩී.එස්.ඒ.දෙහිවත්ත මහතාගේ අධීක්ෂණය යටතේ ආගමන විගමන නිලධාරී පී.ජී.ජී.ඊ.චමිලා මහත්මිය මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වෙනුවෙන් යහපත් පියවරක් ගත් අදාල කාර්ය මණ්ඩල නිලදාරීන්ට ප්‍රසංශා කරමි.
බෙනින් යනු දකුණු අප්‍රිකානු රටක් නෙමේ. බටහිර අප්‍රිකානු රටක් නයිජීරියාවට කිට්ටු. මේ රටට ඉහල වැටුප් ගෙවනවා කියලා මිනිස්සු රවටලා මුදල් එකතු කරනවා.
මිනිහට ආපසු යන්න සල්ලිවත් අතේ තිබුණද දන්නේ නැහැ...