(අජිත්ලාල් ශාන්තඋදය)
වසය අවුරුදු 20 ඉක්මවීමෙන් පසු පැවිදි බවට පත් භික්ෂූන් වහන්සේලාට තෙදින පුහුණු වැඩසටහනක් පෙබරවාරි මාසයේ 28 දින පැල්මඩුල්ල පාතකඩ භික්ෂූ පුහුණු මධ්‍යස්ථානයේ දී ආරම්භ කිරීමට නියමිතය.
බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ බුද්ධ ශාසන අරමුදලේ උපදෙස් අනුව මෙම භික්ෂු පුහුණු වැඩසටහන පැවැත්වෙයි.
භික්ෂු විනය, ගිහි සමාජය ඉදිරියේ හැසිරිය යුතු ආකාරය ඇතුළු භික්ෂූවකගේ ඇවතුම් පැවතුම් වත්පිළිවෙත් සම්බන්ධයෙන් මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතය.
එය අවසන් වන්නේ මාර්තු 1දා ය. රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එම භික්ෂු පුහුණු වැඩසටහන සංවිධානය කරයි.
නිකාය භේදයකින් තොරව අවුරුදු 20 ඉක්මවීමෙන් පසු පැවිදි බිමට පත් රත්නපුර දිස්ත්‍රික්කයේ වෙහෙර විහාරස්ථාන පිරිවෙන් ආදියේ වෙසෙන භික්ෂූන් ඊට සහභාගිවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"නිකාය භේදය.. " හරි ශෝක් නේද? කොයි බුදු හාමුදුරුවන්ගෙ ධර්මයේද දන්නෙ නෑ එහෙම එකක් තියෙන්නේ...? අපි ඉතින් එහෙව් අයගෙන්නේ බණ අහන්නේ...
මෙහි ප්‍රධාන උපදේශක කථිකයා උතුවන් කන්දේ දේවදත්ත කියා ආරංචියි.
අවුරුදු විස්සේදී, පැවිදි වූ භික්ෂුන් පමණක් නොවේ.. වර්තමානයේ බොහොමයක් පැවිදි චීවරධාරීන් පුනරුත්ථාපනය කළයුතු තත්වයකයි පසුවන්නේ?
පහුගිය කාලේ හොටු පෙරාගෙන අඬපු, අර කොටුවේ පොඩ්ඩා කියලා කෙනෙක් ඉන්නවා. රණවිරුවන්ට අපහාසකරන හාදයාවත් අල්ලලා මොනවා හරි දෙයක් කරන්න බැරිද?
අපේ රටේ නළුවන්ට පවා රඟපෑම ගැන පාඨමාලා කළ හැකි අද්විතීය මට්ටමේ සිටින මේ අයට ආයේ අමුතුවෙන් මොන පුහුණුද? ඔස්කාර් සම්මාන ලැබිය යුතු මේ අයට රාජ්‍ය සම්මාන නොලැබීම ගැනයි අපට තියන දුක...
අස්ගිරි, මල්වතු නායක හාමුදුරුවනේ මතකද වස් වසන කාලයේ පාත්තර අරගෙන අභයාරාමෙන් පටන් ගෙන මුදල් සිඟමනේ ගියා.. ඔය දේශපාලන කඳවරුවලට ගැතිකම් කරන නිවට චීවර ධාරීන් පුනරුත්ථාපනය කළ යුතුයි. ගැහැණුන්ගේ ඇඳුම්වලට ගරහමින් බණ දේශනා කරන ටෙලිවිෂන් චීවරධාරින් පුනරුත්ථාපනය කළ යුතුයි. බුදුන් වැඩි කැළණි විහාරයේ නාග සෙල්ලම කරපු චීවර ධාරීන්, පුනරුත්ථාපනය කළයුතුයි.
දේශපාලකයින්ට කඩේ යාම වෙනුවෙන් පිනට ලැබෙන වාහන තමන් විසින්ම පදවාගෙන යාම සඳහා රියදුරු පුහුණුවක් හා රියදුරු බලපත්‍රයක් නේද ඔවුනට අවශ්‍ය වන්නේ. එසේ නැතිනම්, රියදුරු ගාස්තුවත් ගෙවිය යුත්තේ අසරණ ජනතාවයි.
නායකත්ව පුහුණුව, හමුදා පුහුණුව එහෙම දුන්නොත් හොඳයි නේද?
පුහුණුව කොහොම වෙතත් මේ වයසේ කෙනෙක් මහන වෙන්නේ තේරුම් ගත්තට පස්සේ. කිරිසප්පයෝ මහන කරනවට වඩා වයස 18 පැනපු තරුණ අය මහන කරන එක සාධාරණයි.
පහුගිය ආණ්ඩු කාලේ මේක කළා නම් හාමුදුරුවන් මේ වෙනකොට පාරේ... මහින්ද මහත්මයා පන්සලේ....