දකුණු කොරියාවේ රැඳී සිටින ඇමෙරිකානු සොල්දාදුවකුට ද නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඇමෙරිකානු අණදෙන නිලධාරීහු අද (26) ප්‍රකාශ කළහ.
උතුරු කොරියාවෙන් කිසියම් මොහොතක එල්ල විය හැකි ප්‍රහාරයකට මුහුණ දීම සඳහා ඇමෙරිකානු සෙබළු 28,000කට වැඩි පිරිසක් දකුණු කොරියාවේ කඳවුරුලා සිටිති. කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්තේ ඒ අතර සිටින 23 හැවිරිදි සෙබළකුටය.
දකුණු කොරියාවෙන් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වූ දයිගු නගරයට කිලෝමීටර 30ක් උතුරින් පිහිටි කැරොල්’ කඳවුරේ සිටින සෙබළකුට මෙලෙස කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ඔහු මේ වනවිටත් නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇතැයි ද ඇමෙරිකානු බලධාරීහු කීහ. ඊට අමතරව අනෙකුත් සෙබළුන්ට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්ද යන්න සොයාබැලීම මේ වනවිටත් ආරම්භ කර ඇතැයි ද ඔවුහු කීහ.
මේ අතර තවත් 169 දෙනකුට කොරෝනා වයිරසය වැළැඳී ඇතැයි ද ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති සම්පූර්ණ පිරිස 1,146 දෙනකු යැයි ද දකුණු කොරියානු බලධාරීහු කීහ. චීනයෙන් පිටත වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ ද දකුණු කොරියාවෙනි.
ඒ.එෆ්.පී.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දයිගු නගරයට කිලෝමීටර 30ක් උතුරින් පිහිටි කැරොල්’ කඳවුරේ සිටින සෙබළකුට මෙලෙස කොරෝනා වයිරසය ආසාදනය වීම ගැටලුකාරී තත්වයක්. වයිරසය සුළඟින් බෝවෙන පාටයි.
මිලානෝ නගරයේ කොරෝනා පැතිරීම ගැන ලියන්නේ නැත්තේ ඇයි? අදට එකොළහක් මිය ගියා...