(මුදිතා දයානන්ද)
ගුරු-විදුහල්පති උද්ඝෝෂණයක් හේතුවෙන් පැලවත්ත- කොට්ටාව (174) බස් මාර්ගයේ එක්මං තීරුවක් මුළුමනින්ම වසා දමා ඇතැයි පොලීසිය කියයි.
මේ හේතුවෙන් ඒ අවට මාර්ග දැඩි රථ වාහන තදබදයක් පවතින බවද පොලීසිය සඳහන් කරයි.
ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී මෙම උද්ඝෝෂණය පැවැත්වේ.
වැටුප් සහ නිදහස් අධ්‍යාපන අයිතිය දිනාගැනීම ඇතුළු කරුණු මුල් කරගනිමින් ඔවුහු උද්ඝෝෂණයේ නියැලුණහ.
( ඡායාරූප - චතුර එස් කොඩිකාර )
(වීඩියෝ- ශාන්ත සෙනෙවිරත්න)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
පැලවත්ත-කොට්ටාව මාර්ගය අවහිර වෙයි
mihira Wednesday, 26 February 2020 08:49 AM
ආණ්ඩුවෙන් දෙයි උඹලට... බලන් ඉඳපල්ලා...
විපරමා Wednesday, 26 February 2020 09:04 AM
ගුරු හොරු... මේ අය ඉස්කෝලවල ළමයින්ට හරියට උගන්වන්නෙත් නැහැ. ටියුෂන් කඩදාගෙන ගසා කනවා. අමතර පන්ති කරනවා. ගෙවල් වලට ගිහින් උගන්වනවා. ගුරුකම සමහර අයට බිස්නස් එකක් වෙලා. ඒ මදිවට තව පිස්සු කෙලිනවා...
ධනුෂ්ක Wednesday, 26 February 2020 09:33 AM
මිනිසුන් අතර හොඳ වගේම නරක මිනිසුන් ඉන්නවා. ගුරුවරුන් යනුද එම මිනිසුන් අතරම කොටසකි. නරක වගේම දෙවිවරුවන් ගුරුවරුන් සිටිති. මේක තේරුම් ගන්නා බුද්ධිමත් මිනිසුන් මෙන්ම අන්ත මෝඩයන්ද සිටිති.
BamunuarachchiWednesday, 26 February 2020 09:38 AM
ඇයි ඒ විතරක්ද? අපි ඡන්දෙ දීලා පත්කරපු ආණ්ඩුවට විරැද්ධව උද්ඝෝෂණ කරලා අපිට ඌයියා කරනවා. අපි වගේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්නේ නෑ නේද විපරමෝ..?
අසේල Wednesday, 26 February 2020 09:34 AM
මේ අයට මෙහෙම වෙලා මදි. පඩිය දෙගුණයක් කරපු ආණ්ඩුව එලවාගත්ත ගුණමකුවන්. දැන් පාරවල් ගානේ ඇවිදපල්ලා. තව කෙළවෙන්න පටන්ගත්තේ නෑ. වැටුප් විෂමතා නෙමෙයි වැටුපවත් බේරගන්න බලපල්ලා...
ධනුෂ්ක Wednesday, 26 February 2020 09:46 AM
ගුරුවරුන් දෙස සමහරක් බලන්නේ වරුවක් විතරක් වැඩ කරන කොටසක් හැටියටයි. හැබැයි ඔවුන් දකින්නේ නෑ එතනින් පස්සේ ගුරුවරයකුට තියන වැඩ. වාර සටහන්, දින සටහන්, පාඩම් සැලසුම්, පාසලලෙන් පවරන අමතර වැඩ, ඇගයීම් වැඩ, විභාග වැඩ බලපුවම ගෙදර ගියාමත් පැය 03ක් විතර ඒ වැඩ තියෙනවා. හැබැයි පඩිය 40000 ක් ලෝකේ සෑම වෘත්තීයක්ම ගොඩනැගිලා තියෙන්නේ ගුරුවරයාගේ පදනම මත.
පොතේ ගුරාWednesday, 26 February 2020 12:51 PM
ගුරෙක් හින්දා මළ පැනලා වගේ. දුෂ්කර පළාත්වල සේවය කරන ගුරුවරු කැපවීමෙන් වැඩකෙරුවත් නගරවල සමහරු එහෙම නැහැ.. සමහර ගුරුවර, ගුරුවරියන්ගේ කෙරුවාවල් ගැන අපි නොදන්නවා නෙවෙයි...
නිමල්Wednesday, 26 February 2020 01:07 PM
40000ක් නෙමෙයි උපාධි ගුරු 37000යි. එකම වැටුප් තලයේ ඉන්න හෙද නිලධාරීන් 100000ක් විතර වැටුප් ගන්නවා. පහළ වැටුප් තලයේ සිටින රෝහල් සුළු සේවකයන් 60000ක් විතර වැටුප් ගන්නවා...
mihira Wednesday, 26 February 2020 11:39 AM
මේ අයට මෙහෙම වෙලා මදි... පඩිය දෙගුණයක් කරපු ආණ්ඩුව එළවාගත්ත ගුණමකුවන්. දැන් පාරවල් ගානේ ඇවිදපල්ලා. තව කෙළවෙන්න පටන්ගත්තේ නෑ. වැටුප් විෂමතා නෙමෙයි වැටුපවත් බේරගන්න බලපල්ලා...