නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර 2016 සහ 2017 වසරවලදී රුපියල් කෝටි 130ක් වටිනා සන්නිවේදන උපකරණ තොගයක් මිලදීගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේ මිලදී ගත් උපකරණවලින් ඇතැම් ඒවා මේ වනවිට ක්‍රියාත්මක නොවන බවත් ඇතැම් උපකරණවල ඇසුරුම් පවා ඉවත් කර නොමැති බවත් එම ආරංචි මාර්ග කියයි.
මැද පෙරදිග රටක තිබෙන සමාගමකින් මේ උපකරණ මිලදී ගෙන ඇති අතර තොග තුනක් වශයෙන් ඒවා මෙරටට ගෙනැවිත් ඇති බවද වාර්තා වේ.
මෙරටට ගෙනා සන්නිවේදන උපකරණ අලෙවි කළ සමාගම මේ වනවිට වසා දමා ඇති බව ද මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
මේ සම්බන්ධයෙන් විශ්‍රාමික හමුදා නිලධාරියකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවත් මෙම මිලදී ගැනීම්වලට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකුගේ සබඳතාවක් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන බවත් ආරංචිමාර්ගවලින් කියැවිණි.
‘වැදගත් පුද්ගලයන් (වී.අයි.පී)’ කිහිපදෙනකුගේ භාවිතය සඳහා ජංගම දුරකතන 10ක් මිලදී ගෙන ඇති අතර ඒවා මේ වනවිට ක්‍රියාත්මක නොවන බවද එම දුරකතන මිලදී ගැනීමේදී නිසි ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය පිළිබඳ නොමැති බවද දැනගන්නට ලැබේ.
මෙම දුරකතන මිලදී ගැනීමේ දී පොලිසිය, හමුදා බුද්ධි අංශ හෝ ඒ සම්බන්ධයෙන් විශේෂඥතාව දක්වන කිසිවකුගෙන් උපදෙස් ලබාගෙන නොමැති බවද ආරංචිමාර්ගවලින් පැවසේ.
සුනිල් ජයසිරි (ඩේලිමිරර්)
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරීක්ෂණ කරනවා විතරයි. හැම හොරකමක්ම ඒවටත් වියදම් කරලා මහා හොරුන්ට දඬුවම් දීමක් මේ රටේ දකින්න නැත.
ගෝඨා වගේ නායකයෙක් එන්නේ නැතිව මේ මිනිස්සු තව අවුරුද්දක් හිටියා නම් අපිට මේ ලක්දෙරණේම "ලිබියාවක්" "සෝමාලියාවක්" "උගන්ඩාවක්" බලාගෙන එහිම දුක් විඳින පුරවැසියන් වෙන්න තිබුණා. රජගැහිලි ටිකක්නේ ගහලා තියෙන්නේ... මේ යක්කු මොකෙන්ද ගහලා නැත්තේ කියලයි මම මේ කල්පනා කරන්නේ....
මේ රටේ සියලු වංචාවලට පිටිපස්සේ දේශපාලකයෝ ඉන්නවා.
ගෝඨා වගේ නායකයෙක් ඉඳලත් සම්පත් මහත්මයාට බලන්න පුළුවන්... තව අවුරුදු දෙකකින් විතර "ලිබියාවක්" "සෝමාලියාවක්" "උගන්ඩාවක්"වගේ ලංකාවක්...