නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ රට පුරා තිබෙන සියලු රජයේ පාසල් වසා දමන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ අද (27) ප්‍රකාශ කළේය.
රටවල් 30කට වැඩි සංඛ්‍යාවකට පැතිර ගොස් තිබෙන කොරෝනා වයිරසය රට පුරා ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණක් ලෙස එම පියවර ගෙන තිබේ.
‘‘දරුවන්ගේ සහ අනෙකුත් සියලු දෙනාගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සළකා බලා පාසල් වසා දැමීමට ආණ්ඩුව එම තීරණය ගත්තා’’ යැයි ජපාන අග්‍රාමාත්‍යවරයා කීවේය.
‘‘ඒ නිසා ප්‍රාථමික, කණිෂ්ට ඉහළ සහ උසස් පාසල් සියල්ල වසා දමන්නැයි අපි ඉල්ලීමක් කරනවා. මාර්තු 2 වැනිදා සිට වසන්ත කාලයේ නිවාඩුව තෙක් පාසල් තාවකාලිකව වසා දමන්න’’ යැයි අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
ඒ.එෆ්.පී.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කෙනෙකුට, දෙන්නෙකුට හරි ලක්ෂණ පහළ වුණා නම් අායෙත් පාසල් වහලා වැඩක් නැහැ. පැතිරිලා ඉවරයි. පැතුරුණු තරම බලන්න වෙන්නේ දවස් 14ක් වත් ගියාට පස්සේ. ඒක නිසා අපේ ළමයින්ට දැම්මම නිවාඩු දුන්නා නම් වැඩේ ඉවරයි. මොකද පණ කඩාගෙන වේගෙන් ඉගැන්නුවා කියලා අන්තිමේ විශ්ව විද්‍යාලයේ ළඟටම ගියාම අවුරුදු දෙක තුන පරක්කු වෙනවනේ. විශ්ව විද්‍යාලයේ නොයන කට්ටිය රස්සා නැතුව කලේ ගෙවනවා. ඉතින් මේ වගේ භයානක අවස්ථාවකදී මාසයක් පහ හයක් ළමයි ගෙවල් වල උන්නා කියලා විශාල පාඩුවක් වෙන එකක් නැහැ. එ්කෙන් රටට වෙන අාරක්ෂාව රටට වෙන පාඩුවට වැඩියෙන් වැඩිවෙයි.
කොරෝනා වසංගතය තියෙන රටවලට ගුවන් ගමන් නතර කරලා මේ රටට එන එක වළක්වන්න අපි වගේ දුප්පත් රටකට මේ වසංගතය අාවොත් විනාසයි නේද?