(එස්. ඩි.කොඩිකාර)
මිරිස්ස බදුගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ව්‍යාපාරිකයෙකුට අද (27) වෙඩි තබා පලා ගොස් ඇතැයි වැලිගම පොලිසිය කියයි .
මෙසේ තුවාල ලබා ඇත්තේ මිරිස්ස ධීවර වරාය මාර්ගයේ බදු ගොඩ ප්‍රදේශයේ පදිංචි (51) හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළු කර ඇත.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය නොවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ආරක්ෂාව මූලිකයි කියලා වැඩ පෙන්නන්න ආව වීරයා කෝ...?
රූපවාහිනී විවාදවලට එන ආණ්ඩුවේ ඇමතිවරු නම් කියන්නේ ඝාතන සංස්කෘතිය සම්පූර්ණයෙන් නතරකළා කියලා. එතකොට මේ වෙන්නේ...
දැන් හැමදාම වගේ වෙඩි තැබීමක්, මිනීමැරුමක්, වෙනවා. පාලමක් ඇළක් දොළක් වගේ තැන් වලින් මළ සිරුරු දිනපතාම වගේ හම්බ වෙනවා... කවුද මේවා කරන්නේ?