(මුදිතා දයානන්ද)
ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ආයතන ගණනාවක ප්‍රධාන තනතුරුවලට දූෂිතයන් පත් කරමින් මේ අණ්ඩුවත් පරණ ගමනම යන බව ඔප්පු කර හමාර යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (26) පැවසීය.
ඔහු මේ බව පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී ඒ මහතා මෙසේද පැවසීය.
ජනධිපති පුටුවේ මෛත්‍රී වෙනුවට ගෝඨාභය වාඩිවුණා කියලා කිසිඳු වෙනසක් සිදුවී නැහැ. බලයට එන්න කලින් ජනතාවට පොරොන්දු වුණා සංස්ථා මණ්ඩලවලට ප්‍රධානීන් පත්කරන විට දූෂිතයින් පත් කරන්නේ නැහැ කියලා. ඒ වගේම එම ඉහළ නිලධාරීන් තෝරා ගන්න විශේෂ කමිටුවක් පත් කළා. ඒ කමිටුවට පත්කළෙත් සිල්රෙදි නඩුවේ වැරදිකරුවෙක් බවට පත්ව දඬුවම් නියම වූ අයෙක්. ඒ නිසා ඇතැම් සංස්ථා මණ්ඩලවලට පත් කළේ පහුගිය කාලයේ එම ආයතනවලම ඉඳලා දූෂණ චෝදනාවන්ට ලක්වූ පුද්ගලයින්. පවුල් පාලනයට ඉඩක් දෙන්නේ නැහැ කියලා ආපු ගමන් රාජපක්ෂ පවුලේ පුතාලගේ නැන්දලා මාමලා ආයතනවල ප්‍රධාන තනතරුවලට පත්කළා.
අද මහාධිකරණයෙන් වැරදිකරුවෙක් වූ ලලිත් වීරතුංග ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක කරලා. ඔහු තමන්ගේ දඬුවම සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. අලුතෙන් පත්කළ අභියනාධිකරණ සභාපති ජනාධිපති හමුවෙන්න ආවාම පිළිගන්නෙත් ලලිත් වීරතුංග. මේ විදිහට ආණ්ඩුව කියන විනයගරුක නීතිගරුක රටක් හදන්නේ කොහොමද?
මහබැංකුව කොල්ලකාපු අය බලයට පත්වූ විගස දඬුකඳේ ගහනවා කිව්වා. නමුත් මේ වන තෙක් මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්න කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ.
අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වන්න කිසිඳු පියවරක් අරගෙන නැහැ. ඒ වෙනුවට ආණ්ඩුව තමන්ට හිතවත් වුණු අපරාධකාරයින් පිරිසිදු කිරීමේ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. අවුරුදු ගණනාවක් රතු වරෙන්තු සහිතව හිටපු උදයංග වීරතුංග හිටිගමන් ලංකාවට එනවා. ආණ්ඩුව ඔහු අත්අඩංගුවට අරන් බන්ධනාගාර රෝහලට යැව්වා. ඒ නඩුවේ විමර්ශන කළ පොලිස් නිලධාරියා මාරු කළා.
එයාබස් ගනුදෙනුවට සම්බන්ධයි කියලා එයා ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂක කපිල චන්ද්‍රසේකර හා ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත්තා. ඒ ගනුදෙනුවෙන්ම මුදල් ලැබුණ තවත් දෙන්නෙක් ඉන්නවා. ඒ අයගෙන් ප්‍රකාශයක්වත් අරන් නැහැ. ඒ වෙනුවට ඔවුන්ගේ උපන්දින සාදවලටත් ආණ්ඩුවේ ප්‍රධානින් සම්බන්ධ වී සිටිනවා අපි සමාජ මාධ්‍යවලින් දැක්කා‘‘.යැයි ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහෝදරයා ඇත්ත කියන්න, අර එදා රාජගිරියේදී ලයිට් කණුවේ වාහනේ හප්පපු වෙලාවේ වගේම මේ ප්‍රකාශය කියන වෙලාවෙත් පොඩ්ඩක් මත්වෙලා නේද හිටියේ? මොකද නැත්තන් මේ වගේ පිස්සු කියවන්නේ නැහැ.
අනේ රතු මල්ලියේ නුඹලා දැන් කොච්චර කාලයක් තිස්සේ අලුත් ගමනක් යනවද හැබෑට...? එ්කනේ 300%ක් ලැබුනේ... ඔය අලුත්ගමන නිසා... මේ ඔය බයිලා කියවන්නේ නැතිව තමන් උපන් රටට ඵලදායී දෙයක් කරන්න උත්සාහ කරනවා.. හැම දේකටම දියව් දියව් කියමින් අන්තරේ ඉන්න අම්බරු පැටව් ටික කුලප්පු කරන වැඩත් නවත්තලා. විජේවීර උන්නැහේ හිටියා නම් දියබරියන්ට ඇඩ්රස් නැතිවෙන්නම දෙනවා.. අපි නම් දියවන්නා ඔයේ 225ම පරණ ගමන යනබව දැනගෙන සෑහෙන කල්... ඉතින් නිකන් මිනිසුන්ගේ වටිනා කාලේ නැවත නැවතත් කන්නේ නැතිව උපන් රටට වෙලා තියෙන ණයටික හරි ගෙවලා දාන්න උත්සාහ කරන්න.
වැරදි දෙගුණයක් කරනවා දැන්මම...
ජවිපෙ බිහිවුණු දවසේ සිට මේ වෙනතෙක් මෙරටට කිසිම යහපතක් සිදුකර නොමැත. හොරකමට, දුෂණයට, නාස්තියට, විරුද්ධයි කිව්වට.. 80 දශකයේත් 70 දශකයේත්.. කලේ මොනවද? ගෙවල් වලට පැනලා අහිංසක මිනිස්සුන්ගේ රත්තරන් කොල්ල කෑවා. මුදල් මංකොල්ල කෑවා. මිනිසුන්ගෙන් කප්පම් ගත්තා. රටේ දේපල විනාශකළා.. බස් ගිනිතිබ්බා. රජයේ ගොඩනැගිලි ගිනිතිබ්බා, එදත් කලේ මේ රට ආපස්සට අදින එක. 70 දශකයේ සිරිමවෝගේ ආණ්ඩුව, කැළණි ටයර් නිෂ්පදය කළා. රෙදි දේශීයව හැදුවා. වානේ දේශීයව හැදුවා. සිමෙන්ති හැදුවා.. රටේ හැම බිම් අඟලක්ම වැව්වා. ඒ ආණ්ඩුවටත් විරුද්ධව ජනතාව උසිගන්නලා මහා විනාශයක් කළා.. අද කරන්නේත් එ්කමයි.
සහතික ඇත්ත සහෝදරයා, අනිත් හැමෝම පරණ ගමනේ, ඔබතුමාලා විතරයි පක්ෂේ හදද්දී තිබුණු ප්‍රතිපත්තියෙන් පිට, විජේවීරවත් කුණු කුඩේට දාලා ෆිට් එකේ අලුත් ගමනක් යන්නේ. නැත්නම් පහුගිය ආණ්ඩුව කාලේ අරලිය මන්දිරේ පක්ෂ කාර්යාලයක් දායිද?
ඔයාලා නම් කොටි හිතවාදී සුමන්තිරන්ලා එක්ක අලුත් ගමනක් යන්න වගේ. ත්‍රස්තයින්ට ත්රස්තයන් එකතුවීමක් යැයි කිව්වොත් නිවැරදියි නේද? ඩයස්පෝරා එකෙන් ගෙවීමක් කරලා වගේ. භංගවේවා..!!!
ගිය ආණ්ඩුව කරපුදේම කියලා අපි කොහොමත් දන්නවා. වැඩේ කියන්නේ ගිය ආණ්ඩුව වැරදි කරනකොට ඔයාලා හිටියේ එයාලගේ පැත්තේනේ. අපි දැන් ඔයාලව තුන්වන බලවේගයක් විදියට සලකන්නේ නැහැ.
එතකොට ගිය ආණ්ඩුව පරණ ගමනේ යනවා දැනුණේම නැද්ද?
පරණ ගමන යන අය එක්කලා මුක්කු ගහන ඔබලාත් පරණයි.
පුදුම අපතයින් ටිකක්... කිසිම රජයක කිසිම හොඳවැඩක් අනුමත කරන්නේ නැහැ...
3ක් තියාගෙන මෙහෙම නම්, ඊට වැඩිය තිබුණා නම් කොහොමට හිටීද?