(දයාසීලී ලියනගේ)
රාජ්‍ය ගිණුම් කාරක සභාව මගින් කරන ලද පරීක්ෂණවලට අනුව හොඳම අමාත්‍යාංශය ලෙස ක්‍රිඩා අමාත්‍යාංශයත් දෙවැන්න ලෙස බුද්ධ ශාසන අමාත්‍යාංශයත් තෝරා ගෙන ඇත.
හොඳම දෙපාර්තමේන්තුව ලෙස සංවර්ධන මුල්‍ය දෙපාර්තමේන්තුව, දෙවැන්න ලෙස විදේශ සම්පත් දෙපාර්තමේන්තුවත්, තුන්වැන්න ලෙස කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවත් තෝරා ගෙන ඇත.
හොඳම දිස්ත්‍රික් ලේකම් කාර්යාල යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යලත් දෙවැන්න ලෙස කුරුණෑගලත්, තුන්වැන්න ලෙස මඩකලපුවත් තෝරා ගෙන තිබේ.
හොඳම ප්‍රාදේශීය සභාව ලෙස රිදීගම ප්‍රාදේශීය සභාවත් දෙවැන්න ලෙස කුලියාපිටියත්, තුන්වැන්න ලෙස බිංගිරියත් තෝරා ගෙන ඇත.
හොඳම නගර සභාව ලෙස බොරලැස්ගමුව නගර සභාව ද, දෙවැන්න ලෙස කුලියාපිටිය නගර සභාවද , තුන්වැන්න ලෙස මිනුවන්ගොඩ නගර සභාවද තෝරා ගෙන ඇත.
හොඳම ආයතන 110 ට සම්මාන පිරිනැමීම සිකුරාදා (28) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් පාර්ලිමේන්තුවේදී සිදුවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේවා තේරුවේ...?
ඉතාමත් හොඳ කාලීන ක්‍රියාවලියක්... මෙහි පළමු ස්ථානයේ සිට අවසාන ස්ථානය දක්වා සඳහන් කරන්න. ඉතා වැදගත්... ඒ වගේම හොඳම නිලධාරීන්ටත් සම්මාන දිය යුතුයි. ඔවුන්ව ඇගයීමත් වැදගත්.. ජයවේවා ශ්‍රී ලංකා මාතා..!!!
මේ ශ්‍රී ලංකාවේ තෑගි දෙන්න තරම් හොඳ රාජ්‍ය ආයතන තියෙනවද?
පළමු ස්ථානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව...!!!
බොහොම හොඳ වැඩ සටහනක්. නමුත් දැනට කිනම් කරුණු කාරණා නිර්නායකයන් ලෙස ගත්තේද යන්න සඳහන් කිරීමෙන් ඒවා සාධාරණ තේරීම්ද යන්න වටහා ගත හැක. දැනට තේරී ඇති දෙපාර්තමේන්තු මහජනතාවගේ ප්‍රසාදය ලැබී තිබේද යන්න ගැටලුවකි...
හොඳම රාජ්‍ය ආයතන අපේ රටේ තියෙනවා කියලා ඔය ඇහුවාමයි. මහජනතාවට සේවය කරන්න කියලා බලයට එන දේශපාලුවන් පවා හොර දුෂිතයින් ....
බොරලැස්ගමුව නගර සභාව මුලු ලෝකයටම ආදර්ශයක්...
මෙන්න දිනුම් ලැයිස්තුව. 1) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 2) ශ්‍රී ලංකා අධිකරණය 3) ශ්‍රී ලංකා පොලිසිය 4) ශ්‍රී ලංකා මහා බැංකුව 5) ශ්‍රී ලංකා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව 6) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව 7) ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය 8) ශ්‍රී ලංකා අධ්‍යාපන දෙපාර්තමේන්තුව 9) ශ්‍රී ලංකා විදේශ ආයෝජන සංස්ථාව 10) ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
මේ උළෙලට එකතුවිය යුතුම ත්‍යාගයක්... කාට කාටත් අමතක වෙලා. හොඳම ගැහිලි ගහන දේශපාලුවා හා ඔහුගේ ගැහිලිවලට සම්බන්ධ වෙච්ච ආයතන. මේ ත්‍යාග කාටදෝ....
මේ සේරටම වැඩිය හොඳයි යුද්දෙන් පස්සේ රටේ දේපල මුදල් හොරකාපු අයට කහඹිලියා සමග පතොක් මල් මලා හෝ ඔටුනු හදලා දැම්මා නම්... අන්තිමට දෙන්න හොඳ පොල්පිති පාරක් පිට මැද්දට. ජිවිතේට හොරා නොකන්න...