’හැට්ටයා’ රිමාන්ඩ්
රුපියල් 98, 47,000ක චෙක්පත් සහ හෙරොයින් ග්රෑම් 5 ක් සමඟ අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත මිනුවන්ගොඩ පොලිසියේ රඳවා තබාගෙන විමර්ශනය කළ ’’හැට්ටයා’’යන ආරුඪ නාමයෙන් හඳුන්වනු ලබන සැකකරු ලබන 26 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්රාත් ක්රිෂ්ටි පෙරේරා මහතා අද (21) නියම කළේය.