
(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේ දී අද (21) සම්මත විය.
ඒ එම ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවති විවාදයෙන් අනතුරුවය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නවවන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භ කරමින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (20) ඉදිරිපත් කළේය.
මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සම්මත කිරීම පිළිබඳ යෝජනාව මන්ත්‍රී යෝජනාවක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී නිපුන රණවක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඊට අදාළ විවාදය ඇරඹුණු අතර එහිදී පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් රැසක් අදහස් දැක්වූහ.
ඉන්පසු පාර්ලිමේන්තුව අගෝස්තු මස 27 වන දින උදෑසන 9.30 තෙක් කල්තැබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න හොඳම ඇමති මණ්ඩලයත්, කතානායකත් පත්වෙලා ඉන්නේ... මැති සබේ පළමු දවසේම කතානායක, චමල් සහ සුපුරුදු නිමල් සිරිපාලත් සභාවේ නිදි... ඉතින් කොහොමද රට හදන්නේ...?
ඉතුරු ටිකත් චීනයටම උකස් කිරීම නේද සම්මත වුණේ?
රජය ඉදිරිපත් කරන මොනවද අසම්මත වෙන්නේ?