අවුරුදු 100ක් පැරැණි බෝක්කුවක් කුරුවිටෙන් සොයාගනී
කුරුවිට හිග්ගස්හේන දෙවිපහළ මාර්ගයේ වතුයායේ, ගොඩපරගහගොඩ ඇළ හරහා ඇති පාලමට පැතිබැම්මක් සකස් කිරීමේදී, මීට වසර 100කට පමණ පෙර මැටි වර්ගයක් පුළුස්සා සකසන ලද (‘ටෙරාකොටා’ ආකාරයේ) කඳක් සහිත බෝක්කුවක පයිප්ප කොටසක් මතුව ඇති බව වතුයාය වසමේ ග්‍රාම නිලධාරිනී චන්ද්‍රානි කුසුමලතා මහත්මිය පැවසුවාය.