
ඉන්දියාවේ තෙලඟනා ප්‍රාන්තයේ ශ්‍රීසයිලම් ප්‍රදේශයේ පිහිටි ජලවිදුලි බලාගාරයක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබේ.
ඔවුන් 9 දෙනාගේ සිරුරු සොයාගෙන ඇති අතර ඉන් තිදෙනෙකු සහකාර ඉංජිනේරුවන් බවට හඳුනාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස තෙලඟනා ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය චන්ද්‍රසේඛර් රාවෝ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
එහි විමර්ශන නිලධාරීවරයා ලෙස එම දෙපාර්තමේන්තුවේ අතිරේක පොලිස් අධ්‍යක්ෂ ගෝවින්ද් සිං මහතා පත්කර ඇත.
සිද්ධිය පිළිබඳ වාර්තාව කඩිනමින් ලබා දෙන ලෙස ඔහුට උපදෙස් ලැබී තිබේ.
අනතුරෙන් ජීවිත අහිමි වූ තැනැත්තන්ට ප්‍රධාන අමාත්‍යවරයා සිය ශෝකය පළකළේය.
ගින්න හටගන්නා අවස්ථාවේ සේවකයින් 30 දෙනෙකු බලාගාරයේ සිටි බව වාර්තා වේ.
ඉන් 21 දෙනෙකුට දිවි බේරාගැනීමට හැකියාව ලැබී ඇත.
-226-
(හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd