ආරක්ෂක-මහජන ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂ වැඩි ඡන්දයෙන් සම්මතයි ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශවල වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ(23) වැඩි ඡන්ද 68 කින් සම්මත විය. 23 November 2023
ප්‍රාණ ඇපකරුවන්ට හෙට නිදහස ? හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් හෙට (24) දිනයේ නිදහස ලබනු ඇතැයි විශ්වාස කෙරේ. හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස ඊශ්‍රායල වැසියෝ 240 ක් පමණ සිටියහ. 23 November 2023
චීනයෙන් තවත් වසංගතයක් ? නව නිව්මෝනියා රෝගී තත්ත්වයක් ඇති කරන මීට පෙර හදුනා නොගත් නව වයිරසයක් චීනයේ පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. 23 November 2023
ඇළට පැන්න සැකකරු අල්ලන්න ඇළට පැන්න පී.සී අතුරුදන් මාංචු පිටින් ජාඇල ඇළට පැන පලායාමට තැත් කළ සැකකරුවකු අල්ලා ගැනීමට ඇළට පැන්න පොලිස් කොස්තාපල් වරයකු ඇලේ දිය වැලට අසුව අතුරුදහන්ව ඇතැයි ජාඇල පොලිසිය පවසයි. 23 November 2023
අමරකීර්ති ඝාතකයන් ඇපදීමට එරෙහි පෙත්සම විභාගයට ගෝඨාගෝගම අරගලය පැවැති සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මරා දැමූ සිද්ධියේ විත්තිකරුවන් 37 දෙනාට ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් ඇප ලබා දීමේ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපති ගොනුකර ඇති අභියාචන පෙත්සම පෙබරවාරි 12 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය. 23 November 2023
කොළඹට පැය 16කට ජල කප්පාදුවක් කොළඹ 11 සිට 15 දක්වා ප්‍රදේශ 5 කට හෙට (24) පැය 16 ක් ජල සැපයුම අත්හිටුවන බවත් ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය පවසයි. 23 November 2023
ක්‍රීඩා ලේකම්ගෙන් අභියාචනාධිකරණයට ප්‍රකාශයක් විදෙස් වලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල් වියදම් වන ආකාරය පිළිබඳ රජයේ විගණනයට භාජනය විය යුතු බවත් එම මුදල් හිතු මනාපයට වියදම් නොකර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් වියදම් කළ යුතු බවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 23 November 2023
සමනළ,උඩවලව,චන්ද්‍රිකා පිටාර මට්ටමට සමනළ වැවේ පෝෂක ප්‍රදේශවලට මේ දිනවල ඇද හැළෙන තද වර්ෂාවත් සමග සමනළ,උඩවලවේ සහ චන්ද්‍රිකා වැව පිටාර මට්ටම පැමිණ තිබේ. මෙයින් මේ වන විට උඩවලව ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘතකර ඇත. 23 November 2023
වසර මිලියන 155කට පෙර අතුරුදන් වූ මහාද්වීප කොටසක් හමුවෙයි මීට වසර මිලියන 155කට පමණ පෙර අතුරුදන් වූ ආර්ගොලෑන්ඩ් නම් මහාද්වීපයේ කොටස් අග්නිදිග ආසියාවෙන් සොයා ගැනීමට විද්‍යාඥයන් කණ්ඩායමක් සමත් වී ඇත. 23 November 2023
කොළඹ - නානුඔය විශේෂ දුම්රිය දෙකක් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට නානුඔය දක්වා සීමා කිරීම යටතේ අද රාත්‍රී කොටුව හා නානුඔය, නානුඔය හා කොටුව අතර විශේෂ මගී දුම්රිය දෙකක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 23 November 2023
ලිංගික අල්ලස් ගන්න ගිය එස් අයි ට වැඩ වරදී කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ගැනිමට ගිය කල්මුනේ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් සහ දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් අත් අඩංගුවට ගෙන තිබේ. 23 November 2023
සනත් නිශාන්ත ගෙන් කථානායකට ලිපියක් පාර්ලිමේන්තු සභාගර්භයේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් තමා කනගාටු වන බව ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර ඇත. 23 November 2023
හරක් කටාගේ ටෙලිෆෝන් බැලුවොත් පොලිසියේ පැටිකිරිය පෙනෙයි හරක් කටාගේ ටෙලිෆෝන් පරීක්ෂා කළොත් පොලිස් නිලධාරීන්ගේ රාජකාරි මට්ටම දැනගන්න පුළුවන් බව සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. 23 November 2023
දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිරකරුවෙක් පනී බන්ධනාගාර ගතව සිර දඩුවම් විදින රැදවියෙකු මහ මගදී මාලයක් කඩා ගැනීමේ චෝදනාවක් සම්බන්ධ තවත් නඩුවකට අද (23) දෙයියන්දර මහේස්ත්රාිත් අධිකරණයට ඉදිරිපත් කර පසුව සිරමැදිරියට දැමීමෙන් පසුව පලාගොස් ඇතැයි දෙයියන්දර පොලිසිය පවසයි. 23 November 2023
’මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා’ මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 23 November 2023
විදුලි සැරට විදුලි කාර්මිකයා බිලි මුන්දලම කිරීමට්ටාව ප්‍රාදේශයේ ව්‍යාපාරීකයකුගේ ඉල්ලීමට මාර්ගයෙ දිවෙන විදුලි රැහනකින් විදුලිය ලබා ගෙන විදුලි පහණක් සවිකිරීමට ගිය තරුණ විදුලි කාර්මිකයකු විදුලි සැර වැදිමේන් මරණයට පත්ව ඇති බව මුන්දලම පොලිසිය කියයි. 23 November 2023
හමුදාවේ විසි හත්දාහක් සේවය හැර ගිහින් යුද හමුදාවේ 27000 ක් පසුගිය වසර දෙකේදී සේවය අතහැර ගොස් ඇතැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය 23 November 2023
’’රට බංකොළොත් කෙරූ අයගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න’’ රට බංකොළොත් කිරීමට හේතු වූ පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙසත්, ඔවුන්ට තවදුරටත් රාජ්‍ය අනුග්‍රහය යටතේ වරදාන වරප්‍රසාද ලබා නොදෙන ලෙසත් රට බංකොලොත් වීම නිසා අගතියට පත් ලක්ෂ 220ක් වූ ජනතාවට වන්දි ලබා දෙන ලෙසත් ඉල්ලා සමගි ජන බලවේගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුවේදී අද (23) අත්සන් ව්‍යාපාරයක් ආරම්භ කළේය. 23 November 2023
හමුදා කඳවුරුවලට දේශපාලනය ගේන්න එපා හමුදා කඳවුරු ඇතුළට දේශපාලනය ගෙන ඒමෙන් වලකින්නැයි සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 November 2023
ස.තො. ස සුදු සීනී කිලෝවක් 275 ට ලංකා සතොස සුදු සීනි කිලෝව රුපියල් 275 බැගින් (පැවති පාලන මිලට) තව දුරටත් අලෙවි කරන බව ලංකා සතොස කළමණාකරුවෝ පවසති. 23 November 2023
ගුවන් තොටේ සිද්ධියක් ගැන අනුරගෙන් ප්‍රශ්නයක් ගුවන් තොටේ සිද්ධියක් ගැන අනුරගෙන් ප්‍රශ්නයක් (සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න) ජාතික ජන බලවේගය සමග දේශපාලනය කිරීමේ වරදට නැගෙනහිර හිටපු ආඥාපති අරුණ ජයසේකර සහ ඔහුගේ බිරිඳ කටුනායක ගුවන් තොටුපොළේ රඳවා ගෙන ඔවුන් ළඟ මත්කුඩු ඇත්දැයි සෙවීම යුක්ති සහගත දැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (23) ප්‍රශ්න කළේය. හමුදා සේවයේ සිටින නිලධාරියකු දේශපාලනය නොකළ යුතුයි යන මතයේ තම පක්ෂයද සිටින බව පැවසූ දිසානායක මහතා විශ්ර 23 November 2023
මෙහෙම ආණ්ඩුගෙන යන්නේ කොහොමද? ව්‍යවස්ථාදායක සභාවේ සමහර සාමාජිකයන් වැඩ කටයුතු කඩාකප්පල් කරන්න ඇතුලෙන් ක්‍රියා කරනවා නම් පවතින ක්‍රමය ක්‍රියාත්මක කරන්න බැරි වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 23 November 2023
ව්‍යාපාරිකයාට පිහියෙන් ඇන රන් භාණ්ඩ කොල්ලකාලා පානදුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පැන ඔහුගේ දෑත් ගැටගසා බඩට පිහියෙන් ඇන රන්භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කල බව පානදුර දකුණ පොලිසිය පවසයි . 23 November 2023
සෞඛ්‍ය නිලධාරීන් මාරු කරන්න කාලය ඕනෑ විවිධ චෝදනා එල්ල වූ සහ එකම ස්ථානයේ දීර්ඝ කාලයක් සේවය කරන සෞඛ්‍ය නිලධාරීන් පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග අනිවාර්යෙන්ම ගන්නා බවත් ඒ සඳහා යම්කිසි කාලයක් අවශ්‍ය බවත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (23) පැවසීය. 23 November 2023
සිවිල් ආරක්ෂක බලකායට සොච්චම් වන්දි දී ගෙදර යවන්න හදනවා සිවිල් ආරක්ෂක බලකා භටයන්ට රුපියල් ලක්ෂ 30 බැගින් වන්දි දී ගෙදර යවන්න හදන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 November 2023
රජයේ රෝහල්වල සිරින්ජර හිඟයක් අනුමත කළ සිරින්ජර ටෙන්ඩරයකට අදාල සිරින්ජර තත්වයෙන් බාල වීම් හේතුවෙන් වෛද්‍ය සැපයුම් අංශය සැපයුම් අත්හිටුවීම හේතුවෙන් රට පුරා රජයේ රෝහල්වල සිරින්ජර හිඟයක් ඇතිවී තිබෙන බව සෞඛ්‍ය සේවකයෝ පවසති. 23 November 2023
‘වෛද්‍යවරු විදේශගත වීම අඩු වෙලා’ වෛද්‍යවරු විදේශගත වීමේ සංඛ්‍යාව මේ වන විට අඩු වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අද (23) පැවසීය. 23 November 2023
වසර තුනකට පසු කාසල්රී වාන් දමයි ජල විදුලි උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශය වාන් දැමිමට ආරම්භ වි ඇති බව එම ජලාශය භාර ඉංජිනේවරුවරයා පැවසිය. 23 November 2023
කුල්ලෙන් පොල්ලෙන් නොදුන්න නම් රටේ තියෙන්නෙ කැලෑ නීතිය කුල්ලෙන් පොල්ලෙන්, වතුර බවුසරෙන් දෙන ක්‍රමය ඇති නොවුණා නම් රටේ අද රජ කරන්නේ කැලෑ නීතිය බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23)පැවසීය. 23 November 2023
වලවේ ගඟ උතුරයි:පහත් බිම් යටවෙයි වලවේ ගඟ උතුරා යෑම හේතුවෙන් අද (23) අම්බලන්තොට ප්‍ර දේශයේ ගම් රැසක පහත් බිම් ජලයෙන් යටවී ඇති බව හම්බන්තොට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි. 23 November 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026