(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හමුදා කඳවුරු ඇතුළට දේශපාලනය ගෙන ඒමෙන් වලකින්නැයි සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙසේද සඳහන් කළේය.
විශ්‍රාමික නිලධාරීන්ට දේශපාලනය කිරීමේ පූර්ණ අයිතිය තියෙනවා. කවුරු පාලනයේ හිටියත් හමුදාවට දේශපාලනය ගේන එකට අපි විරුද්ධයි. ඔබතුමා හිටියත් ඒකට විරුද්ධ වෙනවා. මම දන්නවා.
සම්පත් තුයකොන්තා හිටපු ගුවන් හමුදා නිලධාරියා ගුවන් හමුදා ඩාන්ස් එකේ හිටියා. මම දැක්කා.
විශ්‍රාමික හමුදා නිලධාරියකුට හමුදා කඳවුරට එන්න විශේෂ හේතුවක් නෑ. එහෙම එනවනම් විශේෂ අවසරයක් ඕන. මම ගියත් ගුවන් හමුදාපති දැනුවත් කරලා යන්නේ. ගුවන් හමුදාපති මගින් එතන කඳවුරේ නිලධාරීන් දැනුවත් කරලා යන්නේ.
ඒ ගියත් මම එතන දේශපාලනය කතා කරන්නේ නැහැ.
ඔබතුමාගේ දේශපාලන ව්‍යාපාරයේ නිලධාරීන් ගණනාවක් ඉන්න බව මම දන්නවා. ඔබතුමා කල්පනා කරලා බලන්න. ඒකෙන් කීප දෙනකුට විතරක් මේ ප්‍රශ්නය ඇති වුණේ ඇයි කියලා. එතකොට අනිත් අයට බාධාවක් නැහැ. සමහර තැන්වල අසාධාරණකම් සිද්ධ වෙලා තිබුණා. අපි ඒ තීරණ වෙනස් කරල තියනවා.
දේශපාලනය හමුදා කඳවුරුවලට කරුණාකරලා ගේන්න එපා. හැම දේශපාලන දේශපාලන ව්‍යාපාරයකින්ම මම ඒක ඉල්ලනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවෙන් දේශපාලනීකරණය වෙලාද කියන එක ඉතිහාසය දිහා හොඳට හැරිලා බැලුවොත් පෙනේවි...!
දේශපාලුවන්ට නම් කිසිම නීතියක් අදාල නැතුව ඇති. රටම වලපල්ලට වැටුනේ දූෂිත දේසපාලුවෝ හැම දේකටම ඇඟිලි ගහන්න ගිය නිසා.. හමුදා කඳවුරු වලට දේශපාලනේ ගේන්ඩ එපා කියන්නේ ඇයි බයද? ගෙනාවත් නොගෙනාවත් කාලකන්නි, දූෂිත දේශපාලුවන් රටට කරපු විනාසේ ගැන ලෝකෙම දන්නවා.
හමුදා කඳවුරුවලට දේශපාලනේ ගෙනාවේ ඔබලගේ මහින්ද මහත්තයාම තමයි. හමුදාවේ කොල්ලෝ දම්මලා, බේබිලාට රේස් පදින්න වැලි කොට්ට ගැස්සෙව්වා... උතුරේ පළාත් සභා ඡන්දේ වෙලාවේ කොල්ලො දම්මලා පෝස්ටර් ගැස්සෙව්වා...!
හමුදා සෙබළුන් ලවා වැඩකරවා ගත්තේ දූෂිත දේසපාලුවෝ, අරලිය ගහ මන්දිරයේ මකුළු දැල් කඩන්න, සුද්ද පවිත්‍ර කරන්න,මල් පෝච්චි උස්සන්න, වතුර දාන්න ඒවා කරවන කොට තමුන් නිදාගෙන ඉන්න ඇති. දූෂිත බලලෝභී, කාලකන්නි දේශපාලුවෝ, රණවිරුවන්ගේ ගරුත්වයත් නැති කරලා දැම්මා...
හමුදාව දේශපාලනී කරණය කිරීම වෙනුවෙන් වගකිව යුතු අශීලාචාර දේශපාලන පක්‍ෂයක සාමාජිකයෙකුගේ අසත්‍ය ප්‍රකාශය...