(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ව්‍යවස්ථාදායක සභාවේ සමහර සාමාජිකයන් වැඩ කටයුතු කඩාකප්පල් කරන්න ඇතුලෙන් ක්‍රියා කරනවා නම් පවතින ක්‍රමය ක්‍රියාත්මක කරන්න බැරි වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මේ ගැන විභාග කරන්නට එන සතිය වන විට වෙනම තේරුම් කාරක සභාවක් පත් කරන්න යන බවද ජනාධිපතිවරයා කීය.
අද පොලිසියටත් උසාවියටත් පත් කිරීම් කරන්නට නොහැකි වී ඇතැයි කී ජනාධිපතිවරයා ව්‍යවස්ථා දායක සභාවේ බෙදීම් නිසා තීරණයක් ගන්නට නොහැකි වී ඇතැයි කතානායකවරයා ලිපියකින් තමාට දැනුම් දී තිබෙන බවද සඳහන් කළේය.
ව්‍යවස්ථාදායක සභාව එක පැත්තකින් තුනට බෙදී තව පැත්තකින් තුනක් බෙදී දෙන්නෙක් ඡන්දය දීමෙන් වැලකී ඇතැයි ද තව එක්කෙනෙක් පත් කර නැතැයි ද ජනාධිපතිවරයා කීය. මෙහෙම ආණ්ඩු ගෙනියන්නේ කොහොමදැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙනියන්නම බැරි හින්දා තමයි කියන්නේ... ඕක විසුරුවන්න... ඔයත් යන්න කියලා...
ඕකට තමයි මනුස්සයෝ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ... එහෙම නැතුව තමුන් කියන දේටම ඕව් කියන්න ඕනෙද? මේ වගේ අය තනතුරුවලට දාගත්තාම මේක තමයි වෙන්නේ... ආණ්ඩුව හරියට ගෙනියන්න නම් එක දෙයයි කරන්න තියෙන්නේ... ඔයා ගෙදර ගිහින් අර අසනීපෙන් ඉන්න බිරින්දෑ බලාගෙන ඉන්න. රට කන්නේ නැතිව...!
ඇත්ත නේන්නම්. විසුරුවන්න ආණ්ඩුව... එතකොට අල බැහැපු, මුල බැහැපු ඒවා නැතිවෙලා අලුතින් ඵලදාවක් හා හොඳ අස්වැන්නක් නෙලාගන්න පුළුවන් වේවි... කියලා අපි සැවොම ප්‍රාර්ථනා කරමු...
කිසිම ජනවරමක් නැති මහජන අප්‍රසාදයට ලක්වූ, පින් ජනාධිපතිට ආණ්ඩුව කරගෙන යන්න බැරිබව නම් පේනවා...!
දැන් ඉතින් සුදුසුම දේ වන්නේ මහමැතිවරණයට යෑමයි...!
සිම්පල් ප්‍රශ්නයක්නේ ලොක්කා... ආණ්ඩුව විසිරෙව්වා නම් හරි...!
පෙම්පි, ඔයාට කවුද ඕවා කරන්න කිව්වේ..?
කරගන්න බැරි මගුල් කවුද කිව්වේ කරගහගන්න කියලා .තමුනුත් යන්න යන දේවාලයකට පුටුවෙන් නැගිටලා