
(යොහාන් භාසුර)
විවිධ චෝදනා එල්ල වූ සහ එකම ස්ථානයේ දීර්ඝ කාලයක් සේවය කරන සෞඛ්‍ය නිලධාරීන් පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග අනිවාර්යෙන්ම ගන්නා බවත් ඒ සඳහා යම්කිසි කාලයක් අවශ්‍ය බවත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (23) පැවසීය.
අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය අමාත්‍ය ධූරයට භාරගෙන මාසයක ගතවීමෙන් වෙනුවෙන් සෞඛ්‍ය අමත්‍යංශයේදී අද (23) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අමාතත්‍යවරයා එසේ පැවසීය.
කිසියම් නිලධාරීයෙක් වැරැද්දක් කර තිබේ නම් ආයතන සංග්‍රහය අනුව විනය පරීක්‍ෂණයක් කර කටයුතු කරන බව කී අමාත්‍ය පතිරණ මහතා පැවසුවේ නිලධාරීන් හිතුමගේ වෙනස් කළ නොහැති අතරම බොහෝ රාජ්‍ය ආයතන දේශපාලනයෙන් වියුක්ත වී තිබීම නිසා දේහපාලනඥායන්ට හෝ කැබිනට් ඇමතිවරයාට අවශ්‍ය පරිදි නිලධාරීන් වෙනස් කළ නොහැකි බවත්ය.
නිලධාරීන් වෙනස් කිරීමට සහ පත්කිරීමට ක්‍රමවේදයක් ඇති බව කී අමාත්‍යවරයා ඒ සඳහා රාජ්‍ය සේවා කොමිසම ඇතුළු ආයතන සම්බන්ධ වී ඇති බව ද සඳහන් කළේය.
නිලධාරීන් ඉවත්කිරීමේ විධිමත් ක්‍රමවේදයන් රජය සතුවත් ඇති අතර විශේෂයෙන්ම එකම ස්ථානයේ සේවය කිරීමේදී මාරුවීම් දීමේ ක්‍රමවේදයක් ද ඇති බවත් එක ස්ථානයේ දීර්ඝ කාලයක් සේවය කරමින් සිටින සෞඛ්‍ය නිලධාරීන් විශාල සංඛ්‍යාවකින් වෙනත් ස්ථානවලට මාරුවන ලෙස ඉල්ලීම් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
(ඡායාරූපය: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකක් කල්ගතවන එක අනිවාර්යයෙන් පිළිගත යුතුය. එහෙම කියලා ඉස්සෙල්ලා එක්කෙනාගේ හෙංචයියලා එහෙම රඳවා ගන්නවා නොවේ...
ඒ කාලේ එනකොට තුම්සේගෙ කාලේ ඉවරයි.