( වසන්ත චන්ද්‍රපාල)
කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ගැනිමට ගිය කල්මුනේ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් සහ දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් අත් අඩංගුවට ගෙන තිබේ.
කාන්තාවක ගෙන් ලැබුණු පැමිණිලලක්ට අනුව ක්‍රියාත්මක වු අල්ලස් දෙපාර්මේන්තුවේ නිළධාරින් කල්මුණ ප්‍රදේශයේදි මෙම අත් අඩංගුවට ගැනිම සිදු කළේය.
කල්මුණ පොලිසිය විසින් පවත්වා ගෙන යන නඩුවකට සම්බන්ධ අම්පාර වරිපතන් චේන මජීඩ් පුරම් ප්‍රදේශයේ පදිංචි කාන්තාව ගෙන් උසාවියේ ඇති නඩුව අවසන් කර දීමේ පොරොන්දුව මත ලිංගික අල්ලස් ලබා ගැනීමේ අරමුණින් එම කාන්තාව සමග කල්මුණේ හිමායා බිච් හොටලේ සිටි අවස්ථාවේදි අල්ලස් දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අමාරුව හොඳ වෙන්න ඇති නේද කිරි පුතේ..? බලන්න දැන් ඔය අසමජ්ජාති වැඩ නිසා පවුලේ කෙනෙකුටවත් විලිලැජ්ජාවක් ඇතිව පාරේ බැහැලා යන්න පුළුවනිද? මේවා අනිත් මහත්වරුන්ටත් හොඳ පාඩම්...! ඉගෙන ගනිල්ලා තිරිසන්නු වගේ නෙවෙයි මනුස්සයෝ වගේ ජීවත් වෙන්න. මොහුව නීතියේ රැහැනට කොටුකරගත් නිලධාරීන්ට මගේ උත්තමාචාරය...