ඖෂධ හොරකමේ තෝරු මෝරු නිදැල්ලේ ඖෂධ වංචාවට සම්බන්ධ තෝරු මෝරු තවමත් නිදැල්ලේ සිටියදී ඊට සම්බන්ධ නැති කොහෙවත් යන පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී අද(23) පැවසීය. 23 November 2023
පොලිතින් සිද්ධියට විදුහල්පති මාරු දරුවන් පිරිසකට පොලිතීන් පත්තරබලහත්කාරයෙන් කැවූ බව පැවසෙන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ගම්පොල අධ්‍යාපන කාර්යාලයට මාරු කර යවා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද ( 23 ) පැවසීය. 23 November 2023
කිරි අල රටින් ගෙන්වීම ගැන වාර්තාවක් ඉල්ලයි කිරි අල සහ එළවළු බෝග කිහිපයක් ආනයනය කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධව වාර්තාවක් දෙන්නැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නියෝග කළේය. 23 November 2023
ගම්පහට මහ ගංවතුර තත්වයක් පවතින අධික වර්ෂාව හේතුවෙන් අද (23) උදෑසන වනවිට අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර තත්ත්වයකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරයි. 23 November 2023
පැය 24කට පසු බදුල්ල - කොළඹ මාර්ගය ඇරේ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලංගොඩ සීලෝගම ප්‍රදේශයට පස් කන්දක් සමග විශාල ගල් පර්වතයක් පෙරලීම වැසී ගිය මාර්ගය ඊයේ යළි විවෘත කළ බව පොලිසිය කියයි. 23 November 2023
අද සවසත් තද වැසි දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 November 2023
වවුනියාවේ වැව් 415 පිටාර ගලයි දින කිහිපයක් පුරාවට වව්නියාව දිස්ත්‍රීක්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් වව්නියාවේ පිහිටි සම්පූරණ වැව් 639 න් වැව් 415 ක්ම මේ වන විට පිටාර ගලන බව වව්නියාව දිසාපති පී.ඒ. සරත්චන්ද්‍ර මහතා පවසා සිටියේය. 23 November 2023
ආණමඩුවත් යටවේ ආණමඩුවට ඇද හැළුන මහ වැස්සත් සමග ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග රැසක් යටවි යාමේන් ගමනා ගමනයට දැඩි බලපෑම් එල්ල වු බව ආණමඩුව පොලිසිය කියයි. 23 November 2023
අකුණේ කම්පනයෙන් පාසල් සිසුවා මරුට අගුරුවාතොට ගල්පාත ප්‍රදේශයේදී අකුණුසැර වැදීමක් සමග ඇතිවූ කම්පනයකින් පාසල් සිසුවකු මියගොස් ඇති බව අගුරුවාතොට පොලිසිය පවසයි . 23 November 2023
ඌව පරණගම පිරිසක් ඉවත් කරයි නාය යාමේ අවදානමක් මතුවී ඇති ඌවපරණගම ගලහගම වසමේ පදිංචි පවුල් දාහතරක පුද්ගලයන් හතළිස් දෙදෙනකු ආරක්ෂිත පියවරක් වශයෙන් පදිංචි ස්ථානවලින් වහාම ඉවත් කළ බව ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි. 23 November 2023
ක්‍රිකට් සභාපති ඇමැතිට කළ තර්ජනයක් ගැන විමර්ශනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට කරන ලදැයි කියන තර්ජනයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ අද (22) කරුණු වාර්තා කළේය. 22 November 2023
වික්ටෝරියා සේලය දිග හැරෙයි මධ්‍යම කදුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් වික්ටෝරියා ජලාශයේ වාන්දොරටු හයක් ඊයෙ 22 දි අලුයම 5.00 දක්වා කාලය තුල විවෘතවූ බව ජලාශය බාර ඉංජිනේරුවෝ පවසති. 22 November 2023
බදුල්ල - කොළඹ මාර්ගය තවමත් අවහිරයි බදුල්ල - කොළඹ මාර්ගය අවහිර කරමින් බලංගොඩ සීලෝගම ප්‍රදේශයට ඊයේ මධ්‍යම රාත්‍රීයේ කඩා වැටුණු පස් කන්ද සහිත කළුගල ඉවත් කටයුතු අච සවස ඇද හැළුණ මහා වර්ෂාව නිසා තාවකාලිකව නවතා දැමීමට සිදු වූ බව මාර්ග සංවර්ධන නිලධාරීහු පවසති. 22 November 2023
නාවලපිටියේ පාසලක විදුහල්පතිගෙන් සිසුන් පිරිසකට රජ දඬුවමක් නාවලපිටිය රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් දිවා ආහාර පොලිතින්වල ඔතාගෙන පැමිණී බවට චෝදනා කරමින් එහි විදුහල්පතිවරයා එම පොලිතින් හා පත්තර පිටු සිසුනට කවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිසිය කියයි. 22 November 2023
ජනපති වැය ශීර්ෂය සම්මතයි ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී අද (22) පස්වරුවේ වැඩි ඡන්ද 59කින් සම්මත විය. 22 November 2023
අතුරු කමිටුව අවලංගු කළහොත් තහනම අයින් වෙයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා ඇති තහනම ඉවත්කිරීමට නම් ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ අතුරු කමිටුව අවලංගු කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අද (22) පැවසීය. 22 November 2023
පස් කන්ද කඩා වැටී තරුණියෝ දෙකක් මරුට හාලිඇල උඩුවර 6 කනුව කැන්දගොල්ල පතන ප්‍රදේශයේ නිවසක් මතට අද (22) පස්වරුවේ පස්කන්දක් කඩා වැටීමෙන් ඊට යටවු තරුණියන් දෙදෙනකු බේරාගෙන බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව හාලිඇල පොලිසිය පවසයි. 22 November 2023
ඉඩම් ආරවුලට අයෙක් මැරුවැයි හතරක් පෝරකයට ඉඩම් ආරඅවුලක් හේතූවෙන් තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයකු ආබාධිත තත්වයකට පත් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන්වූ විත්තිකරුවන් සිව් දෙනකුට බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අද මරණ දණ්ඩණය නියම කළේය. 22 November 2023
ඉතාලියේ දුම්රියක ගැටී ශ්‍රී ලංකිකයෙක් මරුට ඉතාලියේ voghera නැමැති දුම්රිය ස්ථානයේ වේදිකාව අයිනේ රැඳී සිටි ශ්‍රීලාංකිකයකු බඩු ප්‍රවාහනය කරන දුම්රියක ගැටී මියගොස් ඇත. 22 November 2023
දකුණටත් ගංවතුර තර්ජන රම්මලේ කදු පන්තියට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කිරම - වරාපිටිය වැව පිටාර ගලන බව වීරකැටිය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි . 22 November 2023
සීනි පාලන මිල ඉවත් කිරීමෙන් පසුව මිල තවත් නගී සීනිවලට පනවා තිබූ පාලන මිල ඊයේ (21) රාත්‍රී ඉවත් කිරීමෙන් පසු වෙළෙඳපොලේ සීනි මිල තව දුරටත් ඉහළ ගොස් තිබුණි. 22 November 2023
බදුලු තැපැල් දුම්රිය දෙකම නවතී උඩරට දුම්රිය මාර්ගයේ නාය යෑම් හේතුවෙන් අද (22) කොළඹ කොටුව සිට බදුල්ල සහ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියයන් දෙක අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය. 22 November 2023
චීන ණය ගැන එකඟතාවය ඉතා වැදගත් ශ්‍රී ලංකාව සහ චීන අපනයන ආනයන බැංකුව අතර මෙරට චීන ණය සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතාව ශ්‍රී ලංකාව ද්වි පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් තැබූ වැදගත් පියවරක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් මහතා ප්‍රකාශ කළේය. 22 November 2023
වඩුක්කෝඩෙයි සිද්ධියට පොලිසියේ දෙකකට මාරු සොරකම් රැසක් සම්බන්ධයෙන් යාපනය වඩුක්කෝඩෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටි සැකකරුවෙකු යාපනය බන්ධනාගාරය තුළ දි හදිසියේම රෝගී ව මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකු හා කොස්තාපල්වරයකු වහාම ක්‍රියාත්මක වන පරිදි යාපනය පොලිසියට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවද පොලිසිය කියයි. 22 November 2023
උසස් පෙළ සලසුම් කළ පරිදි අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගය කලින් සැලසුම් කළ පරිදි ලබන ජනවාරි මාසයේ දී පවත්වන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි 22 November 2023
අධිවේගයේ වැඩ බලන්න යුද හමුදාපති කොට්ටාවට යයි සේවක වැඩ වර්ජනය හේතුවෙන් අධිවේගී මාර්ගවල ප්‍රවේෂපත්‍ර නිකුත් කිරීමේ කටයුතුවල යොදවා සිටින හමුදා භට පිරිස්වල රාජකාරි කටයුතු නිරක්ෂණ කිරීම සදහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා අද (23) කොට්ටාව අධිවේගී පිවිසුමේ නිරීක්ෂණ චාරිතාවක නිරත විය. 22 November 2023
දිසා විනිසුරුවරු හා මහෙස්ත්‍රාත්වරුන් 54කට ස්ථාන මාරූ දිවයින පුරා දිසා අධිකරණ සහ මහෙස්ත්‍රාත් අධිකරණ වල සේවය කළ දිසා විනිසුරුවරුන් හා මහෙස්ත්‍රාත්වරුන් පනස්හතර දෙනෙකුට 2024 වර්ෂය සඳහා සේවා ස්ථාන මාරූ වීම් ලබාදී ඇතැයි අධිකරණ සේවා කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි. 22 November 2023
ඉන්දියන් සාගරය තනි බලයකට යට නොවන්න සැලසුමක් අවශ්‍යයයි ඉන්දියන් සාගරය කිසිදු ලෝක බලවතකුගේ තනි ආධිපත්‍යයකට නතු නොවී පවතින බව සහතික කිරීම සඳහා ආර්ථික, දේශපාලන සහ විදේශ සබඳතා යන ප්‍රතිපත්තිමය සාධක මත පදනම් වූ පුළුල් උපායමාර්ගික සැලසුමක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 22 November 2023
මහකන්නයේදී කීරි සම්බා මෙට්‍රික් ටොන් 5000 ක අස්වැන්නක් ලබලා 2022/23 මහ කන්නයේ දී මෙරට සමස්ත වී වගා බිම් ප්‍රමාණයෙන් සියයට 7ක කීරි සම්බා හෙවත් BG 360 වී ප්‍රභේදය වගා කරන ලද අතර එමගින් වී මෙට්‍රික් ටොන් 5000ක අස්වැන්නක් ලබා ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 22 November 2023
හිටපු ජනපතිලාට පාර්ලිමේන්තු එන්න දෙන්න එපා ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත් නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 November 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026