(යොහාන් භාසුර)
සීනිවලට පනවා තිබූ පාලන මිල ඊයේ (21) රාත්‍රී ඉවත් කිරීමෙන් පසු වෙළෙඳපොලේ සීනි මිල තව දුරටත් ඉහළ ගොස් තිබුණි.
සුදු සීනි ලෝකවක මිල අද (22) රුපියල් 360 ත් 370 ත් අතර මිල පැවැති අතර රතු සීනි කිලෝවක මිල රුපියල් 350 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
පිටකොටුව තොග වෙළෙළඳපොලේ සුදු සීනි කිලෝවක් රුපියල් 310 කට අද අළෙවි කළේය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ රාත්‍රී අවලංගු කළ ගැසට් නිවේදනයට අනුව පැකට් නොකළ සුදු සීනි කිලොවකට රුපියල් 275 ක සහ රතු සීනි කිලෝවකට රුපියල් 330 ක උපරිම සිල්ලර මිලක් ද, පැකට් කළ සුදු සීනි කිලෝවකට රුපියල් 295 ක සහ රතු සීනි කිලෝවකට රුපියල් 350 ක උපරිම සිල්ලර මිලක් ද, පනවා තිබුණි.
ශත 25 ක බද්ද මත ආනයනය කළ සීනි තොග රජයට පවරාගෙන සතොස ඇතුළු තෝරාගත් වෙළෙඳසැල් හරහා අළෙවි කරන්නේ යැයි වෙළෙඳ අමාත්‍යංශය පැවසුව ද අද පස්වරුව දක්වා එවැනි තොග සතොස ඇතුළු අදාල වෙළෙඳසැල්වලට ලැබී නොතිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට සහන දීපු අය වැය... තව සෙල්ලම් ජනවාරියේ පෙනේවි...!
අමු මැට්ටෙක්. ගෙන්වපු සීනි පවරාගෙන සතොසේ, සුපරි වෙළඳ සැල්වලට අඩුමිලට බෙදාදී 270 ගන්නේ විකුණන්න නියම කරනවා නම් මොන බම්බුවකටද පාලන මිල ඉවත් කළේ...? දැන් සුපිරි වෙළඳසැල් වලටත් පුළුවන් අඩුමිලට ගත් සීනි වැඩි මිලට විකුණන්න. උන්දැගේ කීරිසම්බා ගේනවිල්ලත් ඔය වගේ තමයි...
හොරු සමග හෙලුවෙන්...!
කොහොමද ආරථික ඔස්තාර් ගේ වැඩ ,