IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සීනි පාලන මිල ඉවත් කිරීමෙන් පසුව මිල තවත් නගී

(යොහාන් භාසුර)

සීනිවලට පනවා තිබූ පාලන මිල ඊයේ (21) රාත්‍රී ඉවත් කිරීමෙන් පසු වෙළෙඳපොලේ සීනි මිල තව දුරටත් ඉහළ ගොස් තිබුණි.

සුදු සීනි ලෝකවක මිල අද (22) රුපියල් 360 ත් 370 ත් අතර මිල පැවැති අතර රතු සීනි කිලෝවක මිල රුපියල් 350 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

පිටකොටුව තොග වෙළෙළඳපොලේ සුදු සීනි කිලෝවක් රුපියල් 310 කට අද අළෙවි කළේය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ රාත්‍රී අවලංගු කළ ගැසට් නිවේදනයට අනුව පැකට් නොකළ සුදු සීනි කිලොවකට රුපියල් 275 ක සහ රතු සීනි කිලෝවකට රුපියල් 330 ක උපරිම සිල්ලර මිලක් ද, පැකට් කළ සුදු සීනි කිලෝවකට රුපියල් 295 ක සහ රතු සීනි කිලෝවකට රුපියල් 350 ක උපරිම සිල්ලර මිලක් ද, පනවා තිබුණි.

ශත 25 ක බද්ද මත ආනයනය කළ සීනි තොග රජයට පවරාගෙන සතොස ඇතුළු තෝරාගත් වෙළෙඳසැල් හරහා අළෙවි කරන්නේ යැයි වෙළෙඳ අමාත්‍යංශය පැවසුව ද අද පස්වරුව දක්වා එවැනි තොග සතොස ඇතුළු අදාල වෙළෙඳසැල්වලට ලැබී නොතිබුණි.

 



අදහස් (4)

සීනි පාලන මිල ඉවත් කිරීමෙන් පසුව මිල තවත් නගී

චන්දන Wednesday, 22 November 2023 08:10 PM

ජනතාවට සහන දීපු අය වැය... තව සෙල්ලම් ජනවාරියේ පෙනේවි...!

:       2       28

Bamunuarachchi Thursday, 23 November 2023 12:08 AM

අමු මැට්ටෙක්. ගෙන්වපු සීනි පවරාගෙන සතොසේ, සුපරි වෙළඳ සැල්වලට අඩුමිලට බෙදාදී 270 ගන්නේ විකුණන්න නියම කරනවා නම් මොන බම්බුවකටද පාලන මිල ඉවත් කළේ...? දැන් සුපිරි වෙළඳසැල් වලටත් පුළුවන් අඩුමිලට ගත් සීනි වැඩි මිලට විකුණන්න. උන්දැගේ කීරිසම්බා ගේනවිල්ලත් ඔය වගේ තමයි...

:       0       0

වන්නකු Thursday, 23 November 2023 06:09 AM

හොරු සමග හෙලුවෙන්...!

:       0       0

Chinthaka Thursday, 23 November 2023 10:36 AM

කොහොමද ආරථික ඔස්තාර් ගේ වැඩ ,

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 9 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site