IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කිරි අල රටින් ගෙන්වීම ගැන වාර්තාවක් ඉල්ලයි

(අංජුල මහික වීරරත්න)

කිරි අල සහ එළවළු බෝග කිහිපයක් ආනයනය කර ඇතැයි කියන සිද්ධිය  සම්බන්ධව වාර්තාවක් දෙන්නැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ලංකාවේ වැවෙන  කිරි අල ඇතුළු  බෝග කිහිපයක් විදේශ රටවලින් ආනයනය කර ඇතැයි ද මේ සඳහා ඩොලර් මිලියන 295ක් වැය කර ඇතැයි ද පාර්ලිමේන්තුවේදී කෙරුණු ප්‍රකාශයක් පදනම් කර ගනිමින් මෙම වාර්තාව ඉල්ලා ඇත. 

එම ප්‍රකාශයේ දැක්වෙන පරිදි කිරි අල ඇතුළු එළවළු වර්ග කිහිපයක් මෙරට වගා කිරීමට හැකියාව තිබිය දී ආනයනය කර ඇත්ද යන්න සම්බන්ධව සොයා තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන ලෙස  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ නියෝගයේ සඳහන්ය.

 

 

 



අදහස් (1)

කිරි අල රටින් ගෙන්වීම ගැන වාර්තාවක් ඉල්ලයි

ගොවිරාළ Thursday, 23 November 2023 12:25 PM

රට හදන්න සැබෑ උවමනාවක් තියෙනවා නම් ආනයන අපනයන පාලක හෝ රේගු අධ්‍යක්ෂ මගින් ඔය වාර්තාවක් ගන්න ක්‍රමයක් හදන්න බැරිද ඇමතිතුමා ඇත්තටම ඔය මෙරට ගෙවතුවල කසල ගොඩවල් වල හොදින්ම වැවෙන කිරි අල ගෙන්වීම සදහා කෘෂිකර්ම නිළධාරින් වෙතින් අවසරයක් ගන්න ඇතිනේද එහෙම අරගෙන නැත්නම් කරුණාකර දැන්වත් එවැනි අවසරයක් ගැනීමට අනිවාර්ය කරන නීතියක් වහාම ගේන්න

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 9 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site