
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී අද (22) පස්වරුවේ වැඩි ඡන්ද 59කින් සම්මත විය.
වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 62ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද තුනක් පමණි.
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සඳහා ඡන්ද විමසීමක් අවශ්‍ය බව කතානායකවරයාට දැන්වීය. ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.
අයවැයෙන් හිටපු ජනාධිපතිවරුන් සදහා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයෙන් මුදල් වෙන් කිරීමට විරෝධය පළ කරමින් අනුර දිසානායක මහතා මෙලෙස ඡන්දයක් ඉල්ලා සිටියේය.
වැය ශීර්ෂයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනා පමණි.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ නොසිටියහ.
ජනාධිපති, අගමැති කාර්යාලය, උපරිමාධිකරණවල විනිශ්චකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාලය, රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය, අධිකරණ සේවා කොමිෂන් සභාව , ජාතික පොලිස් කොමිෂන් සභාව, පාර්ලිමේන්තුව ඇතුළු ආයතන 25 ක වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ(22) දවස පුරා විවාදයට ගැනිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත්ව නම් විශ්වාස කරන්න බෑ... ඡන්දෙ විමසන වෙලාවේ මගහැරලා ගියා...
ඔවුන් ඔක්කෝම යාළුවෝ සෙට් එක, හොරාට හොර support
ආයතන විසිපහක වැයශීර්ෂ දවසපුරා සාකච්ඡා විය එක් වැයශීර්ෂයක් සදහා විනාඩි කීයක් දුන්නාද එම කාලයේ මංත්‍රීලා කීදෙනෙක් අදහස් දක්වා තිබේද බැලුවම මෙහෙම සාකච්ඡා කිසිම තේරුමක් නැති ජනතා මුදල් නාස්ති වෙන වැඩක් කියලා හිතෙනවා ඇත්තටම එක් එක් යෝජනා අඅදාල අමාත්‍යාංශයේ සකසා එවන දේවල් නේද මටනම් හිතන්නේ මෙහෙම සම්මත කරන විසර්ජන පනත ගැන මාස හයකින් නැවත සාකච්ඡා කර ප්‍රගතිය ගැන ඡන්ද විමසීමක් කලොත් හොදයි කියලා එමගින් අදාල ඇමතිවරයා ගේ ක්‍රියාකාරිත්වයේ සාර්ථක අසාර්ථක බව වුනත් බලන්න පුළුවන් වෙනවා