
(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් දිවා ආහාර පොලිතින්වල ඔතාගෙන පැමිණී බවට චෝදනා කරමින් එහි විදුහල්පතිවරයා එම පොලිතින් හා පත්තර පිටු සිසුනට කවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිසිය කියයි.
පත්තර පිටු සහ පොතින් සපා කෑ සිසුන් දෙදෙනකු අසනිප වී නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය කියයි.
එම සිසුන් දෙදෙනාට උදරයේ අමාරුව,වමනය,උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ මතුවී ඇතැයි ඔවුන්ගේ මවුපියන් කර පැමිණිල්ලේ සඳහන් බව ද පොලිසිය සඳහන් කරයි.
විදුහල්පතිවරයා පැමිණ සිසුන් පරීක්ෂා කළ අවස්ථාවේ ඔවුන් දිවා ආහාරය ගෙන ඉවතලන පොලිතිනි හා පත්තර පිටු නැවත රැගෙන යාමට බෑගයේ දමාගෙන සිට ඇති අතර විදුහල්පතිවරයා එම පොලිතින් හා පත්තර පිටු එළියට ගන්නැයි සිසුන්ට නියෝග කර පසුව ඒවා කටේ දමාගෙන ගින්නැයි ප්‍රකාශ කර ඇති බව ද පැමිණිල්ලේ සඳහන් වන බව ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු කිසිම තනතුරකට නුසුදුසුය ,අවුරුද්ද කටවත් හිරේ දැමිය යුතුය
ගෙර ගෙනියන්න බෑග් වලට දාගෙන හිටියා නම් මොන එහෙකටඩ ඒ්ව කැවෙවුවෙ.. මෝඩ ප්‍රින්සිපල් කෙනෙක් නෙ.
විදුහල්පති මනෝ වෛද්‍යවරයකුට යොමුකර අවශ්‍ය ප්‍රතිකාර කිරීම කලයුතු වගේම තනතුරුවලට පත් නොකල යුතුයි නේද?
මෙයා ප්‍රින්සිපල් කෙනෙක්ද? JVP කාරයෙක්ද මන්දා... 88/89 කාලේ මැරිලා ආයෙත් ඉපදුණා...
1929 ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දන්වන්න...!
මේ ගොබ්බයාටත් ඒවායින් කොටසක් කවන්න කෙනෙක් හිටියේ නැද්ද? මේ අමනයාට දරුවෝ නැද්ද? ඔවුන් ගෙදරදී කන්නෙත් මේවද? මෙයාව ඉක්මණින් සේවයෙන් පහකරලා... නඩු දැමිය යුතු වෙනවා...!
මෙම පිනා දේශපාලන පත්වීමක් ලද හෙන්චයියා කෙනෙකි... මොවුන්ව සදහටම සේවයෙන් නෙරපිය යුතූයි...