
(යොහාන් භාසුර)
අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා ඇති තහනම ඉවත්කිරීමට නම් ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ අතුරු කමිටුව අවලංගු කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අද (22) පැවසීය.
වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයා යටතේ ඇති ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්‍රීඩා සංගම් තුනක් එම සංගම්වල ජත්‍යන්තර සංගම් පසුගිය කාලයේ තහනම් කර ඇති බවට අයි.සී.සී. රැස්වීමේදී අවදානයට ලක්වූ බව කී සභාපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලාභයෙන් සියයට 20 ක් ඉල්ලා සිටීම මෙම තහනමට ප්‍රධාන හේතුවක් වූ බව ද සදඟන් කළේය.
ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලාභයෙන් සියයට 20 ක් කරුණාවෙන් ඉල්ලා පසුව දාමරිකව හැසිරෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් වීමට ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගකිව යුතු බවත් ශම්මි සිල්වා මහතා කීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අහමදාබාද්හිදී ඊයේ අවසන් වූ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ රැස්වීමට සහභාගිවීමෙන් පසුව පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර නුඹලා ඉල්ලා අස්වෙන්න...
තහනම දිගටම තිබුණාට කමක් නැහැ. මොවුන්ගේ මාෆියාව රජ කරන්නේ. රටේ අහිංසකයා වෙනුවෙන් සත පහක් වියදම් කරලා තියෙනවාද ක්‍රිකට් දියුණුවට...!
ඔබලා අයින් කළොත් රටේ ක්‍රිකට් ඉතුරු වෙයි...
කමිටුව අයින් කරන්න එපා... ක්‍රිකට් මණ්ඩලය විසුරුවා හරින්න. ICC එකට රටේ නීතියට ඉහලින් යන්න දෙන්න එපා. අතුරු කමිටුවක් පිහිටුවන්න පනතින් ඇමැතිතුමාට බලය තිබෙනවා නේද? ශ්‍රීමත් ප්‍රේමදාස හිටියා නම් මුහුදු වෙරලෙන් හොයා ගන්න තිබුණා.
20%ක් ඉල්ලන්නේ එතුමාගේ පවුද්ගලික සුඛවිහරණයට නෙවෙයි, අහිංසක දුප්පත් දරුවන් වෙනුවෙන්. ශම්මිලා වගේ අයට ඒ අයගේ අවශ්‍යතාවයන් පිරිමහන්න නෙවෙයි. වඳින්නම් ඔය පුටුව කාටහරි දීලා යන්න...!
SIC ඔක්කොම හොරු... ICC බෑන් කළ එක හොඳයි. තාවකාලිකව ක්‍රිකට් නවත්තලා හරි මේ හොරු පන්නන්න ඕනේ...
අතුරු මිතුරු දඹදිව තුරු, රාජ කපුරු සෙට්ටියා...!
අපි හිතමු ක්‍රීඩා ඇමති සම්පූර්ණයෙන්ම වැරදියි කියල. අපි හැමෝම දන්නා දෙයක් අද ක්‍රිකට් ක්‍රීඩාව සුදු කරුවන්ගේ ග්‍රහණයට හොඳටම අසුවෙලා කියන එක. ශම්මි සිල්වා bookmaker කෙනෙක් නෙමෙයිද? තිලංග සුමතිපාල ගැන මම කියන්නේ නෑ! මෙතනම සබැඳියාව පිලිබඳ ප්‍රශ්නයක් නැද්ද? කොහොමටත් මේ රටේ ක්‍රිකට් විනාශ කලේ මේකත් පවුල් පාලනයකට සහ බූකි කාරයන්ගේ අතට ගියාට පස්සේ. ICC එක ගැනත් වැඩිය මොකවත් කියන්න බෑ අපේ අසල්වැසියා කෝප වෙනවනේ!
ප්‍රේක්ෂකයෝ විදිහට අපිටනම් මේ තහනම කොච්චර කල් තිබුනත් ප්‍රශ්නයක් නැහැ ,(මොකද බලන්න ඉන්න පුළුවන් තරම් ක්‍රිකට් ගහන්නත් බැහැනේ දැන් ටීමේ එකේ ඉන්න නළුවෝ ටිකට) , කොහොම හරි අපේ ක්‍රිකට් ආයතනය අරක්ගෙන ඉන්න බුකි හොරු ටික එලවන්න ,ඊට පස්සේ අපහු නිලවරණයකින් මේ හොරු එන එක නවත්වන්න
කමක් නැහැ ඔක තහනම් කරලම දාපුවාවෙ ඔය හොර සභාපතිල ගෙ පාලක මන්ඩල ඉන්නකම් ඔක තහනම් කරපුවාවෙ එතකොට අපිටත් අපෙ වැඩක් බලාගෙන පාඩුවෙ ඉන්නපුලුවන් ඔය කෙහෙමලට කාලෙ කන්නෙනැතුව.
හිතවත් ක්‍රීඩා ඇමතිතුමනි; අතුරු කමිටුව ඉවත් කරන්න එපා. මේ දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවදුරටත් අත්හිටුවීම හොඳයි.
මේ ශම්මිම ගිහින් හදාගෙන ආපු කොන්දේසි... ඔවුන්ගේ පැවැත්මට ක්‍රීඩා කරන්න ඉතුරු කරගෙන ආවා. ක්‍රීඩා නැතිවීම නිසා මිලියන 100 පාඩුයිලු. රටට පාඩුවක් නැහැ. ඒ මුදල් නැතිවුනේ ක්‍රිකට් මණ්ඩලේට, රටට ඒ මුදල් පාවිච්චි කරන්නේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩාව ජනතාවට ක්‍රීඩාවක් හැටියට පෙන්නුවාට මේක කැසිනෝ වලට වඩා අන්ත සූදුවක්...!