IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඖෂධ හොරකමේ තෝරු මෝරු නිදැල්ලේ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඖෂධ වංචාවට සම්බන්ධ තෝරු මෝරු තවමත් නිදැල්ලේ සිටියදී  ඊට සම්බන්ධ නැති  කොහෙවත් යන පිරිසක්  අත්අඩංගුවට ගෙන ඇතැයි  සමගි ජන බලවේගයේ  කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී  නලින් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී අද(23) පැවසීය.

මේ සිද්ධිය නිසා අද ඖෂධ සැපයුම් අංශය අක්‍රීය තත්වයට පත්ව ඇතැයිද   ඔහු සඳහන් කළේය. ජයමහ මහතා මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසරය ඇතිව  ප්‍රකාශයක් කරමිනි.

නලින් බණ්ඩාර ජයමහ මහතා මෙසේද පැවසීය.

මේ අත්අඩංගුවට  ගැනීම ගැන අද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබලව කතා වෙනවා. එම සිද්ධිය සම්බන්ධයෙන් අන්තිමට අත්අඩංගුවට අරගෙන තියෙන්නේ වෛද්‍ය සැපයුම් අංශයේ කට්ටිය. ඖෂධ තෝරපු අය, ඒවා මිලදී ගන්න කටයුතු කරපු  අය  කවුරුත් අත්අඩංගුවට අරගෙන නැහැ. ඖෂධය අරගෙන ගබඩාවට බාර දුන්නු අය බෙදා හැරපු අය  අත්අඩංගුවට ගත්ත වගේ වැඩක් තමයි මෙතන වෙලා තියෙන්නෙ.



අදහස් (3)

ඖෂධ හොරකමේ තෝරු මෝරු නිදැල්ලේ

Sentintal Thursday, 23 November 2023 01:03 PM

ඕකේ මහමොළකාරයා රාජිත. පුළුවන්නම් කෑගහන්න රාජිතව අත්අඩංගුවට ගන්න කියලා...

:       0       0

Rata Perata Thursday, 23 November 2023 01:20 PM

රමේෂ් පතිරණ කොහොම කෙනෙක් වෙයිද?

:       0       1

සමන් Thursday, 23 November 2023 01:45 PM

නලින්, හොරු නිදැල්ලේ නෙවෙයි කැබිනෙට්ටුවේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site