
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ඉතාලියේ voghera නැමැති දුම්රිය ස්ථානයේ වේදිකාව අයිනේ රැඳී සිටි ශ්‍රීලාංකිකයකු බඩු ප්‍රවාහනය කරන දුම්රියක ගැටී මියගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව බොරලැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි නිරෝෂන් ප්‍රනාන්දු නැමැති 46 හැවිරිදි අයෙකි.
නිරෝෂන් ප්‍රනාන්දු මහතා දුම්රිය වේදිකාව ආසන්නයේ රැඳී සිටියදී අධික වේගයෙන් ගමන් ගත් දුම්රියේ වේගයත් සමග ඇතිවූ සුළඟට ඇදී ගොස් අනතුරට මුහුණ පා ඇති බව පෙනී ගොස් ඇතැයි ඉතාලියේ වෙසෙන එමිල් රොහාන් මහතා එරටේ සිට දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ලංකාදීපයට පැවැසීය.
අනතුර සිදු වූ ස්ථානයේ දී ම ඔහු මියගොස් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම කණගාටුදායකයි... අපේ රටේත්, වෙනත් බොහෝ රටවල මෙන් මගීන් සිටිය යුතු ස්ථාන කහ පැහැති තීරුවකින් සටහන් කර තිබෙනවා. නමුත් අපේ රටේ නම් කවුරුවත් මෙම රේඛා ගණන් ගන්නේ නැහැ... මේත් එවැනි අවස්ථාවක් විය හැකියි.
පහුගිය කාලේ ඉතාලියේ මිලානෝ නගරයේ ජීවත් වෙන, කාපු පතේ පහරන, මෝඩ රැලක් මේ තීරයේත් අදහස් පැහැරුවා...මම හිතුවේ එහෙම කෙනෙක් කෝච්චියට බෙල්ල තියලා වත්ද කියලයි...දැන් වැඩි සද්දයක් නැත්තේ කාගෙන් හරි ගුටි කාලා හතර හන්දි කඩාගෙනද දන්නේ නැහැ...කොහොමත් මේ මරණයත් මෙවැනි ස්ථානයක සිහිකල්පනාවෙන් සිට නොමැතිකම නිසා සිදු කරගත් අකල් මරණයක්...විනයක් නොමැතිකම හා නොමනා ලෙස ජංගම දුරකථනය භාවිතා කිරීමෙන් සිදු උන විපතක්...කාට කාටත් මේවා හොඳ පාඩම්...
මොහු දුම්රියේ සුළගට ඇදී ගොස් අනතුරට පත් වුනේ නම් එහි වරද දුම්රිය නියාමක බාර ගත යුතුය. ඕනෑම වේග දුම්රියක් දුම්රිය ස්ථානයක් හරහා යන විට වේගය අඩු කල යුතුය. ඊට හේතුව මෙවන් අනතුරු වලකා ගැනීමයි. මෙය කියවන පවුලේ උදවිය අදාල කටයුතු කර වන්දි මුදල් ලබා ගැනීමට කටයුතු කරන්න. මගේ දැනීමේ හැටියට යුරෝ මිලියන කිහිපයක් ගත හැකිය.
අපේ රටේ වේගයෙන් යන දුම්රිය නැහැ නේ
ඔබතුමාට නිවන්සුව ලැබේවා.! ඔයවගේ ලොකු, බරපතල ඇඳුම් ඇඳගෙන දුම්රිය වේදිකාවේ ඉන්නකොට ඕවට හුලං බදනවා වැඩියි. අනික දුම්රියක් එනකොට එතනින් ඉවත්වෙන්නත් අපහසුයි. ඒ නිසා වේදිකාවේ ඉන්න වෙලාවට සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන ඉන්න බලන්න. කොයි අතිනුත් පහසුයි.......පවුලේ සැමට අපගේ බලවත් ශෝකය.!
ඩුම්‍රියෙ වෙගය අඩුකරන්න අලුත් පනතක් ගෙමු, වහාම කොමොටියක් පත්කරන්න. අපේ රටෙ අය ගොඩක් රටවල අනතුරුවලට මුන දෙනව..එකට එකම විසදුම විනය, දැනුම, ක්‍රියාසිලිවීම. නැතුව යුරොපියන් රටවල ගොන් කරත්ත නැහැ.
අපේ රටේ දුම්රිය වගේ නෙමෙයි ඒවා වේගෙන් යනවා. අපේ රටේ උපරිම වේගයෙන් යනකොටත් දුම්රියට නගින්න පුළුවන්. හෙමින් ගියත් වේගෙන් ගියත් අහවල් දේකටද ඕක යන පාර අයිනේ හිටියේ...!
ආ මේ කුලප්පු වෙලා තියෙන්නේ ඉතාලි මෝඩ රැල. මුලින්ම ඉතාලියට ගිය වෙන්නප්පුවේ හා ඒ අවට ප්‍රදේශවල කාන්තාවන්ට පින්සිදු වෙන්නට ඉතාලියට පැනගෙන, ඔවුන්ගේ දෙපතුල් ලෙවකමින් බැලමෙහෙවරකම් කොට දැන් තැනකට ඇවිත්, කාපු පතේ පහරන අය ගැන තමයි මම ඒ ලිව්වේ.. අතීතයේ ඉතාලි ජාතිකයින්ගේ සංස්කෘතිය හා සම්බන්ධ පිරිස මුලින්ම ඉතාලියට පැමිණි නිසා, එදා ඉතාලි ජාතිකයින්ගේ ගෞරවයට හා විශ්වාසයට පත්වී සිටි ශ්‍රී ලාංකිකයින්ට, අද ඒ තත්වය ඉතාලිය තුළ තියනවද..? දකුණේ පාතාලයින් මිලානෝ නගරය අරක්ගෙන කියලයි අපිට නම් ආරංචි. ලංකාවේ තක්කඩි පාලකයින්ව රජකිරීමට වෙර දරමින් ශ්‍රී ලාංකිකයින්ව රවට්ටන ආයතන දැන් ඉතාලිය තුල වැහිවහලා නේද.?ලාංකික මෝඩයෝ දැන් ඉතාලි දුම්රිය රියැදුරන්ටත් උපදෙස් දෙන්න යනවා... සමහරක් සිංහල මෝඩයෝ. ලෝකයේ අධිවේගී දුම්රියන් සාමාන්‍ය දුම්රිය ස්ථාන හරහා ගමන් කරද්දී සෙමින් ධාවනය කරනවා දැකලා තියනවාද? ඉතාලියේ හා ලෝකයේ වෙනත් දුම්රිය වේදිකාවේ කහපාටින් සලකුණු කර ඇති ඉරට පිටුපසින් සිටින ලෙස නිතර පවසනවා අසා නැද්ද? කොහේද ලෝකයත් ලංකාව වගේ කියලා හිතාගෙනනේ ලාංකිකයෝ හැසිරෙන්නේ...? වැරැද්දත් කරලා වන්දිත් ගන්න කියලාද කියන්නේ? පේනවනේ දකුණේ අය ගැන..!